(අමදෝරු අමරජීව )

නැගෙනහිර විශ්ව විද්‍යාලයට අයත් ත්‍රිකුණාමල මණ්ඩපයේ ආපනශාලාවක් තුළදී සිදුවූ නවක වද සිද්ධියක් සම්බන්ධයෙන් එම මණ්ඩපයට අයත් ජනසන්නිවේදන හා ව්‍යාපාර අධ්‍යන පීඨයේ සිසුන් හය දෙනකු  අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීහු පිරිසක් සමත් වූහ .

එම පීඨයට 2022/23 අධ්‍යයන වර්ෂය සඳහා ඇතුළත් වූ සිසුන් පිරිසකට 2025 අප්‍රේල් 29 වෙන දින නවක වදය ලබාදෙමින් ලිංගික කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත දීර්ඝ විමර්ශනයකින් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නවක වද පැමිණිලි විමර්ශන ඒකකය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.

අත්අඩංගුවට ගත් සිසුන් හය දෙනා අතරට එක් සිසුවියක සිටින බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. සැකකරුවන් පස්දෙනා හා සැකකාරිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.