
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේදී සිදුවූ සයිබර් අපරාධය ගැන මුදල් කාරක සභාවේ නිගමන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මග පෙන්වීම සහ තීරණ අතිශයින් වැදගත් බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ගයන්ත කරුණාතිලක මහතා මේ බව කීවේ ඕස්ට්‍රේලියාවට ඇමරිකා ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාල සයිබර් අපරාධමය වංචාව සම්බන්ධ රජයේ මුදල් පිළිබඳ කාරක සභා වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලැබූ සභාව කල් තැබීමේ විවාදය අරඹමිනි.
"ඕස්ට්‍රේලියාව වෙත එක්සත් ජනපද ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේ ගනුදෙනුවකදී සිදුවූ සයිබර් අපරාධ ආශ්රිත වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සඳහන් වන හෙළිදරව් කිරීම් මගින් බරපතල මූල්‍ය අපරාධයක් සිදුව තිබෙන බව පැහැදිලි වෙනවා.එම කාරක සභාව මගින් අනාවරණය කරගත් කරුණු අනුව මුදල් අමාත්‍යංශය, ඒ යටතේ ක්‍රියාත්මක වන දෙපාර්තමේන්තු සහ ශ්‍රී ලංකා මහා බැංකුව යන ආයතන වල වගකීම සහ වගවීම පිළිබඳව වහාම අවධානය යොමු කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළ යුතුයි.එම කාරක සභාවේ නිගමන ක්‍රියාත්මක කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මග පෙන්වීම සහ තීරණ අතිශයින් වැදගත්.එමෙන්ම වාර්තාව මත පදනම්ව සුදුසු ක්‍රියාමාර්ග සහ නෛතික කටයුතු කිරීම සඳහා කථානායකට කර ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම රාජ්‍ය මූල්‍ය පාලනය පිළිබඳ වගකීම ඇති පාර්ලිමේන්තුවේ වගකීමයි" යනුවෙන්ද ගයන්ත කරුණාතිලක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd