
(අංජුල මහික වීරරත්න)
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ තීරණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී යෝජනාවක් සම්මත කර ගැනීමට එජාපය තීරණය කර තිබේ.
මේ අනුව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (6) පස්වරුවේ රැස්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
විනිශ්චකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙිදී අනුගමනය කළ යුතු ක්‍රමවේද සම්බන්ධයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙහිදී යෝජනා ඉදිරිපත් කෙරෙන අතර ආණ්ඩුව එම යෝජනා වලට අනුකූල වන්නේ නම් ඊට එකඟතාව පළ කළ හැකි බව එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී හෙට පස්වරු 4 ට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරම මාර වැදගත්කමක් තියන්නේ මේ සම්මතේට ...
කිසි බලයක් නැති, ජනතාවගේ කිසිම මනාපයක් නැති මොල්ලු කීපදෙනෙක්ගේ ගොන්වැඩ...
මේක දැනගත්තොත් ජත්‍යන්තර ප්‍රජාව ලංකාවට සම්බාධක දාල, න්‍යෂ්ටික බෝම්බ දාලා, සිරි ලංකාවෙන් බුම්බයි මොටයි හදනවා.
විනිසුරුකරුවන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමේ පරමාර්ථය නම්, ඔවුන්ගේ දීර්ඝ කාලීන අත්දැකීම් භාවිතා කොට වර්තමානයේ ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් විසදීමයි. මෙයින්, අද මේ නඩු සඳහා උසාවි ගානේ රස්තියාදු වන රටේ මිනිසුන්ට වන්නේ යහපතක් බව දේශපාලකයින් සිහි තබා ගත යුතුයි.