(රංජිත් රාජපක්ෂ)

කදපොළ බෝමුරුඇල්ල ප්‍රදේශයේ සීතාඑළිය සංරක්ෂිත රක්ෂිතයට ඇතුලු වී එම රක්ෂිතයේ ගිනි තැබූ සැකකරුවකුට රුපියල් 40000ක දඩ මුදලක්ද, රක්ෂිතයේ ගිනි තැබීම තුලින් සිදු වු අලාභය වෙනුවෙන් රු.403,509.22ක මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් බුද්ධිකා හර්ෂනී ධර්මදාස මහත්මිය නියෝග කලාය.

නුවරඑලිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් විසින් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු අද (05)  ඉදිරිපත් කල පසු වරද පිලිගත් නිසා රක්ෂිතයට ඇතුලු වීම සහ රක්ෂිතයට ගිනි තැබීම වෙනුවෙන් මෙම දඩ මුදල් නියම කර තිබේ.

මෙසේ දඩ මුදල් ගෙවන ලෙස නියෝග කරන ලද්දේ නුවරඑලිය එදිරිසිංහ මාවතේ පදිංචි මොහොම්මඩ් ෆාරුක් මොහොම්මඩ් නැමති 48 හැවිරිදි සැකකරුටය.