(රෝෂන් තුෂාර)

ජනාධීපති ලේකම් කාර්යාලයට සේවකයන් බඳවාගෙන වෙනත් කටයුතුවලට යෙදවීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද අල්ලස් කොමිසමට පැමිණියේය.

රජයේ සේවකයන් පුද්ගලික සහ දේශපාලන කටයුතුවලට යොදවා ගනිමින් දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම ආරම්භ කොට ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලයට සේවකයින් බඳවාගෙන ඔවුන්ව දේශපාලන කටයුතු යෙදවීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අකිල විරාජ් කාරියවසම් මහතා අද අල්ලස් කොමිසමට කැඳවා තිබිණි.

රජයේ සේවකයින් පුද්ගලික වැඩවලට යොදාගෙන අල්ලස් පනතේ දූෂණය නම් වරද සිදු කිරීම සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ .