(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් 91 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඩොලර් මිලියන 2.5ක වංචාව සම්බන්ධයෙන් තාක්ෂණික කාරණා රාශියක් මේ සභාවේ කතිකාවට ලක්වුණා.මෙය සිදු වූ වහාම විමර්ශනයක් කිරීම සඳහා මුදල් අමාත්‍යංශ නිලධාරීන් විසින් අවශ්‍ය පියවර ගත්තා.එම විමර්ශන තවදුරටත් සිදුවෙමින් පවතිනවා.
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පිටපත් කර විශ්ලේෂණය කරමින් සිටිනවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේත්, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ නිලධාරීන් 91 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
බැංකු ගිණුම් තොරතුරු හා ඩිජිටල් සාක්ෂි ලබා ගැනීම සඳහා විදේශ පහකින් තොරතුරු ඉල්ලා තිබෙනවා.ඇමරිකාව, ඕස්ට්‍රේලියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍ය,ස්විස්ටර්ලන්තය,සැම්බියාව එම රටවල් පහයි.සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අන්තර්ජාතික පොලිසිය සහ අදාල රාජ්‍යයන් සමග ඒකාබද්ධව කටයුතු කරමින් සිටිනවා යනුවෙන් ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd