
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීම, බන්ධනාගාර තදබදය අවම කිරීම සහ බන්ධනාගාරවල ගැටුම්වලට ස්ථීර විසඳුම් ලබාදීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය යෝජනාවක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට ඊයේ (04) බාර දුන්නේය.
ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ නඩු ලක්ෂ 11ක් ගොඩ ගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙම නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මෙමගින් ඉල්ලා සිටී
මෙම යෝජනාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම කණ්ඩායමේ මන්ත්‍රී පිරිසක් අත්සන් තැබූහ.
යෝජනාව ඊයේ පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට බාර දෙනු ලැබීය .
එම අවස්ථාවටද විපක්ෂ නායකවරයා සහභාගි විය.
බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ගැටලු සම්බන්ධයෙන් පුළුල් අවධානයක් යොමු කරමින් නීතිමය ක්‍රියාවලිය කඩිනම් කිරීම සහ රැඳවියන් සම්බන්ධ ගැටලු සඳහා දිගුකාලීන විසඳුම් සෙවීම මෙම යෝජනාවේ අරමුණ බව සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ මේ කාරණය ගැන පාර්ලිමේන්තුවේදී සහ පාර්ලිමේන්තුවේ කමිටුවලදී ඕන තරම් සාකච්ඡා කර ඇති හෙයින් තවදුරටත් කමිටු අවශ්‍ය නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ හිටපු ගමන් අතිවුණු ආදරේ? දශක ගාණක් රට කරලා, පල්ලමට ඇද දාලා දැන් වැලේ වැල් නැතිවද?
යෝජනා දෙකක් ඉදිරිපත් කිරීමට කැමැතියි. 1. සිරගෙවල්වල තදබදය අඩුකරන්න; දඩ සහ ඇප මුදල් නොගෙවා සිරගත වී සිටින පිරිසගේ සිරගත වී සිටින කාලය සැලකිල්ලට ගෙන නිදහස් කිරීමේ වැඩපිළිවෙලක් සකස් කල යුතුයි. 2. නඩු විසදීම කඩිනම් කිරීමට අදාල එක් එක් නඩු සදහා ඉදිරිපත්ව සිටින නීතීඥ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පූර්ව සාකච්ඡාවක් පැවැත්වීමට නීතියක් සකස්කිරීම.