
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
භාණ්ඩාගාර ලේකම් සහ මහා බැංකු අධිපති මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඩොලර් මිලියන 2.5ක ණය පියවීමේදී සිදුවූ සයිබර් අපරාධ සිද්ධිය සම්බන්ධ පැහැර හැරීම් කිහිපයකට වගකීම් දැරිය යුතු බව මුදල් කාරක සභා වාර්තාව නිගමනය කර තිබෙන්නේ යැයි කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය කළමනාකරණ පද්ධති ඉතිහාසයේ පෙර නොවූ විරූ මට්ටමේ ආරක්ෂක බිඳ වැටීමක් සිදුවූයේ 2026 වසරේදීයි.මුදල් කාරක සභාවේ අවසන් නිගමනයන් වල මීට ප්‍රබල සාක්ෂි තිබෙන බව සඳහන්.එමෙන්ම මෙය මහා පරිමාණයේ වංචාවක් බව සහතික කරනවා.
මේ මුදල් කාරක සභා වාර්තාවේ වැදගත්කම වන්නේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය එකතු එකතුවෙලා එකඟතාවයකින් නිගමන වලට අත්සන් කර තිබීමයි.ඒ කියන්නේ ආණ්ඩුවත් මේ නිගමන වලට එකඟයි.කවුරුන් හෝ මේ වංචාව මෙහෙය වූවාද කියා සොයා බැලිය යුතු බව මුදල් කාරක සභාව සඳහන් කර තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කනිෂ්ඨ නිලධාරීන් හතර දෙනෙක්ගේ වැඩ තහනම් කරන්නේ ඇයි කියන එක ප්‍රශ්නයක්.ඔවුන් මේකට වග කියන්නේ කොහොමද?ඔවුන් ඉවත් කළේ මොන පදනමින්ද?එමෙන්ම මේ සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියෙක් දිවි නසා ගැනීම බරපතල ප්‍රශ්නයක් යනුවෙන්ද කබීර් හෂීම් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd