රැඳවියා හිටි හැටියේ මරුට රථවාහන නඩුවක් සම්බන්දයෙන් දඬමුදල් ගෙවිමට නොහැකිවිම නිසා ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි රැදවියකු දිය නාමින් සිටියදි සිහිසුන් වි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇති බැව් ගාල්ල බන්ධනාගාරය පවසයි. 03 September 2024
පොරවකින් ගසා බිරිය මරලා සැමියා විසින් බිරිඳට අත් පොරවකින් පහරදී ඝාතනය කර ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය කියයි. 03 September 2024
අදත් මි.මි. 100 ඉක්ම වූ වැසි බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 03 September 2024
මදුරෝගේ ගුවන් යානය උස්සලා වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ විසින් මිලදී ගනු ලැබූ බව කියන ගුවන් යානයක්, තම භාරයට ගැනීමට ඇමෙරිකන් බලධාරීන් පියවර ගෙන ඇත. 03 September 2024
දිගටම පහර දෙනවා නම් ප්‍රාණඇපකරුවන් මියයාවි ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වන්නේ නැතිනම්, තම ග්‍රහණයේ පසුවන සෙසු ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් ද මියයනු ඇතැයි හමාස් සංවිධානය, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට අනතුරු අඟවයි. 03 September 2024
මෝදි අද බෲනෙයි රාජ්‍යයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණ ඇතිව, දෙදින නිල සංචාරයක් සඳහා අද (3) බෲනෙයි රාජ්‍යය බලා යෑමට නියමිතය. 03 September 2024
කෙස් යන්න ක්‍රීම් ගෑ සැලුන් කත අල්ලනු හිස කෙස් සකස් කිරීමේ දී ගල්වන ලද ආලේපනයන් හේතුවෙන් කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය සහ ඇයගේ සහායක සේවිකාවන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී තේනබඳු මහත්මිය අද සෝදිසි වරෙන්තුවක් නිකුත් කරමින් පොලිසියට නියෝග කළේය. 03 September 2024
ක්න්ටේනරය ඇතුලේ මළ සිරුරක් කොළඹ වරායේ යු ටි සි අංගනය වෙත පැමිණි කන්ටේනරයක එන්ජින් කොටසේ එහි සහායකයා හිටිහැටියේ මියගොස් ඇතැයි වෙරළ බඩ පොලිසිය කියයි. 02 September 2024
දැවැන්ත ව්‍යාපෘති 50 ක තොරතුරු තවමත් ජනතාවට වහං කරගෙන ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රුපියල් කෝටි ලක්ෂයකට වටිනාකමින් යුත් මහා පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති 50 ක් පිළිබඳ ජනතාවට තොරතුරු හෙළි කර ඇති ප්‍රතිශතය සමස්තයක් ලෙස සියයට 36 ක් බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. 02 September 2024
කාටුකුලියන්කුලම දෙපිරිසක් ගැටී අයෙක් මරුට කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් දුරදිග ගොස් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයන් තිදෙනෙකු බරපතල තුවාල ලබා අද (02) දින රොහල් ගත කළ බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 02 September 2024
ජාන සොයා ගිය රුසියානුවන් දෙදෙනා රිමාන්ඩ් නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළු වී මෙරටට ආවේනික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සහ කළැයි කියන රුසියානු ජාතික තරුණයන් දෙදෙනා අද (3) දින දක්වා යළි රිමාන්ඩ් කරන්නැයි ඇඹිලිපිටිය වැඩ බලන මහේස්ත්‍රාත් ඩිලාන් ගමගේ මහතා නියෝග කළේය. 02 September 2024
මත්පැන් සාදය තරුණයකු බිලි ගනියි මත්පැන් සාදයක් පවත්වමින් සිටි තරුණයින් පිරිසක් අතර ඇතිවු බහින් බස් විමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදි එක් අයෙකු අද සවස ඝාතනය කර ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 02 September 2024
අපේක්ෂකයෝ රැසක් ගුවන් කාලයට පස්ස ගහලා ජනපති අපේක්ෂකයන් වැඩි පිරිසක් ජාතික රූපවාහිනියෙන් සහ ගුවන් විදුලි සංස්ථාවෙන් සිය ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීම සඳහා ගුවන් කාලය ගැනීමට මෙතෙක් ලොකු උනන්දුවක් දක්වා නැතැයි වාර්තා වේ. 02 September 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්න කැබිනට් අනුමැතිය රාජ්‍ය සේවක වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ සභාපතීත්වය දරණ ජනාධිපති විශේෂඥ කමිටුවේ නිර්දේශ ක්‍රියාවට නැඟීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 02 September 2024
ශිෂ්‍යත්ව විභාගයේ කාලසටහන නිකුත් වෙයි මෙම වසරේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අදාළ කාලසටහන නිකුත් කර තිබේ. 02 September 2024
සුමන්තිරන් සජිත් අගමැති කරන්න යෝජනා කළත් ඔහු පළා ගියා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ 2022 වසරේ මැයි මාසයේ අගමැතිධූරයෙන් ඉල්ලා අස් වූ අවස්ථාවේ සජිත් ප්‍රේමදාස මහතාට අගමැතිධුරය භාර දෙන ලෙස එම්. ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයා ඉල්ලා සිටි නමුත් ඒ අවස්ථාවේදී ද සජිත් පලා ගිය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 02 September 2024
ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ගන්නවා ආණ්ඩුවේ බදු මර උගුලින් රාජ්‍ය සේවකයන් මුදා ඔවුන්ගේ සේවයට වැඩි වටිනාකමක් ලබා දෙන බව සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 02 September 2024
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නැති කරන යෝජනා දී ඇත්තේ එක්කෙනයි රාජ්‍ය සේවක වැටුප් විෂමතාවය ඉවත් කිරීමට රනිල් හැර කිසිදු ජනාධිපති අපේක්ෂකයකුට අදහසක් නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. 02 September 2024
තැපැල් ඡන්දය 4 - 5 - 6 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසීම අනිද්දා (4), ලබන 5 වැනිදා සහ ලබන 6 වැනිදා පැවැත්වීමට නියමිතය. 02 September 2024
හොරෙන් ගෙනා කෝටි 7ක දුම්වැටි විනාශ කරයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන රාජසන්තක කෙරුණු රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා දුම්වැටි ලක්ෂ තිහකට වැඩි ප්‍රමාණයක් ඊයේ ( 2 ) විනාශ කරනු ලැබීය. 02 September 2024
උප්පැන්න දෙන්න මරණ සහතිකය පුරවන නුවරඑළිය රෝහල නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උප්පැන්න සහතිකයක් ලබා ගැනීමට පැමිණෙන පොදු ජනතාවට උප්පැන්න සහතිකය ලබා ගැනීමේ අයදුම්පත වෙනුවට මරණ සහතිකයක් ලබාගැනීමේ අයදුම්පත නිකුත් කිරීමට ප්‍රාදේශීය ලේකම්කාර්යාල නිලධාරී මණ්ඩයේ කටයුතු කිරීමෙන් දැඩි අපහසුතාවයට පත්වීමට සිදුවන බව මහජනතාව මැසිවිලි නගති. 02 September 2024
ඉහළ මහලෙන් පැන්න තරුණිය කතකුත් මරාගෙන මැරෙයි ජපානයේ වාණිජ ගොඩනැගිල්ලක 12 වැනි තට්ටුවෙන් බිමට පැන්න 17 හැවිරිදි පාසල් සිසුවියක් ඇඟට වැටී එම ගොඩනැගිල්ල අසළ පදික වේදිකාවේ ගමන් කළ 32 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වූවාය . 02 September 2024
‘නාමල් දැක්ම’ එළිදකියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්කය සහ නව්‍යකරණ වැඩපිළිවෙළ ඇතුළත් ‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද (2) පෙරවරුවේ ජනගත කළේය. 02 September 2024
ක්ලබි වසන්ත ඝාතන සිද්ධියේ සැකකරුවෝ යළි රිමාන්ඩ් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා සහ තවත් අයෙකු අතුරුගිරිය කැටූ මධ්‍යස්ථානයක් තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු ඇතුළු සැකකරුවන් දොළොස් දෙනෙකු ලබන 13 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අද (02) දින නියෝග කලාය. 02 September 2024
දිය රකුසා පොලිසියට පරදී ගල්කිස්ස වෙරළ තීරයේ විනෝදයට දිය නාමින් සිටි 16 හැවිරිදි පාසල් ළමුන් තිදෙනෙකුත් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී ගල්කිස්ස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් ක්ෂණිකව ක්‍රියාත්මකවී ඔවුන්ගේ දිවි බේරාගෙන ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි. 02 September 2024
වාමාංශික බලකොටුත් රනිල්ට වාමාංශික බල කොටු පවා අද රනිල් වික්‍රමසිංහ ජනපතිගේ ජයග්‍රහණය වෙනුවෙන් පෙළ ගැසී සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 02 September 2024
ජර්මන් අතුරු මැතිවරණය: අන්ත දක්ෂිණාංශිකයන්ට ජය ජර්මනියේ අතුරු මැතිවරණයක් පැවැත්වුණු අතර එය ජය ගැනීමට සංක්‍රමණික විරෝධී, අන්ත දක්ෂිණාංශික, ‘ඒ.එෆ්.ඩී’ විකල්ප දේශපාලන කණ්ඩායම සමත් විය. ‘ඒ.එෆ්.ඩී’ පක්ෂය ඓතිහාසික ජයක් හිමිකරගත් බව, ජර්මන් මාධ්‍ය වාර්තා කළේය. 02 September 2024
බිරිඳ ඝාතනය කළ සැමියාට මරණ දඬුවම යකඩ පොල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළබවට චෝදනා ලැබූ පුද්ගලයෙකුට ඌව පළාත් මහාධිකරණ විනිසුරු ප්‍රසන්න අල්විස් මහතා විසින් මරණ දඩුවම නියම කළේය. 02 September 2024
වල් අලියා දරු තිදෙනා පාරට ඇද දමයි වන අලියෙකු පහරදීමෙන් නාඋල රජාවෙල ගම්මානයේ පනස් හැවිරිදි තිදරු පියකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි නාඋල පොලිසිය කියයි. 02 September 2024
බඳින තුවක්කුව පත්තුවී දෙදරු මව රෝහලේ මොනරාගල , නක්කල කුරුඳුගොඩ ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වී දෙදරු මවක් තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොනරාගල පොලීසිය පවසයි. 02 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026