
(ගයාන් සූරිය ආරච්චි)
බීමතින් පොලිස් කැබ් රථයක් ධාවනය කර ත්‍රිරෝද රථයක හප්පා පලා ගිය උප පොලිස් පරීක්ෂකවරයෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ තිරෝධ රථ රියදුරු සුළු තුවාල ලබා වරකාපොළ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල පොලිසියට අනුයුක්තව රාජකාරී කළ උප පොලිස් පරීක්ෂකවරයෙකි.ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ අර්ධ වාර්ෂික පරීක්‍ෂණය සඳහා අඹේපුස්ස යුද හමුදා කඳවුරෙන් රැගෙන එන ලද කාපට් තොගයක් එම කඳවුරට බාර දී නැවත පොලිස් ස්ථානයට පැමිණෙමින් සිටියදී කොළඹ නුවර පාර 70-71 කණු අතරතුරදී පොලිස් කැබ් රථය තිරෝද රථයක ගැටී ඇති බව පොලිසිය පවසයි.
එම අනතුරෙන් අනතුරුව උප පොලිස් පරීක්ෂකවරයා පොලිස් කැබ් රථය නොනවත්වා ධාවනය කර ඇති අතර ඒ අසල සිටි ත්‍රිරෝද රථ නැවතුම්පොලේ පිරිසක් කැබ් රථය හඹා ගොස් නවතාගෙන ඇති අතර ඒ පිළිබඳ පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් සිදුකළ විමර්ශන වලදී උප පොලිස් පරීක්ෂකවරයා බීමතින් සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සූර් පිට අනතුරක් කර පලා ගිය එස් අයි අත්අඩංගුවට
wayima Monday, 27 January 2025 12:50 PM
ලංකාවේ බොහොමයක් පොලිසිවල සිදුකෙරන තවත් විහිළුවක් තමයි මේක. කොට්ඨාශ භාර පොලිස් අදිකාරිවරයාගේ වාර්ෂික පරීක්ෂණය තියෙන දාට වටපිට ගෙව්වල් වලින් මල්පෝච්චි උස්සගෙන ඇවිත් පොලිසිය සරසනවා , පළාතේ වතුවල සේවකයින්ව බලෙන් ගෙනත් වැඩ අරගෙන මුදල් නොදී යවනවා , පළාතේ ගරාජ් වලින් මුදල් නොදී වාහන සේවකරගන්නවා , පළාතේ හෝටල් වලින් මුදල් නොදී කෑම ගෙනියනවා , පළාතේ මුදලාලිලගෙන් තව තව දේවල් පග ලෙස ලබාගන්නවා . නව පොලිස්පතිතුමනි, පොලිස් ඇමැති තුමනි මේ විහිලු හා අකටයුතුකම් වහාම නැවතීමට කටයුතු යොදන්න .