
(ඩී.ජී. සුගතපාල)
නාගොඩ කැප්පිටියාගොඩ අඟුරුවාවල පාලමෙන් මෝටර් රථයක් ඇලට වැටි ඇල්පිටිය මහජන බැංකුවේ කළමනාකරු අද සවස මියගොස් ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අයි.ඩී.ගාමිණි සරත් කුමාර නමැති 44 හැවිරිදි බැංකු කළමනාකාරවරයාය.
ඔහු මෝටර් රථය පදවාගෙන එමින් සිටියදි පාලමෙන් ඇළට වැටි ඇති අතර පසුව ප්‍රදේශවාසින් එක්ව ඔහු ගොඩට ගෙන 1990 ගිලන් රථයකින් රෝහල වෙත යවා ඇති අතර ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු කළමාණකරු පාලමෙන් වැටී මරුට
අනුරුද්ධ ලියනගේ Monday, 27 January 2025 06:59 AM
මගේ සාතිශය සංවේගය. ඒ මහතාගේ පවුලේ අයට සහ ඇල්පිටිය මහජන බැංකු ශාඛාවේ කාර්යමණ්ඩලයට සැල කරමි. අනුරුද්ධ ලියනගේ ඇල්පිටිය ශාඛාවේ 1975 සිට 1978 දක්වා හිටපු කළමනාකරු
බක්මී්ගොල්ල Monday, 27 January 2025 08:16 AM
තාක්ෂණය කොච්චර දියුණු වුණත් වතුරකට වහනයක් වැටුනොත් ඉවරයි.ඒකට විසඳුමක් නෑ තවම. ඔබතුමාට නිවන්සුව පතමු.!
Bunny Preena Monday, 27 January 2025 09:16 AM
නිදිමතේ වාහනය එලෙව්වාද ? එහෙමත් නැතිනම් හදිසි රෝගී තත්වයක් හේතුවෙන් අනතුර සිදු වුණාද? බොහෝම කණගාටුදායක මරණයකි.
Nuwan Monday, 27 January 2025 10:16 AM
කරපු සුනඛ වැඩවල හැටියට ඔහොම නොවුන නම් තමයි පුදුම.
පුරවැසියා Monday, 27 January 2025 01:27 PM
මොකද නුවන්, රාජ්‍ය දේපළ මංකොල්ල කාලාද? ඔච්චර ශාප කරන්නේ
Sudath Rohan Monday, 27 January 2025 01:50 PM
රූපංජීරති මච්චානං නාම ගොත්තන් නජීරති... අප අතරින් හදිසියේ වියෝවූ අයි.ඩී.ජී.එස් කුමාර මහත්මාට නිර්වාණ ශාන්තියම උදාවේවා...! එතුමන්ගේ හදිසි අභාවයෙන් සංවේගයටපත් පවුලේ ඥාති සහ හිතමිතුරන් හට අපගේ බලවත් සංවේගය ප්‍රකාශ කර සිටිමු.