
(අංජුල මහික වීරරත්න)
විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ කොළඹ මාධ්‍ය හමුවක දී පැවසූහ.
සියයට තිහක් වත් විදුලි බිල අඩුවිය යුතු බවට අප බලාපොරොත්තු වුණා. සාධාරණ පිරිවැය මුල් කරගෙන මිල තීරණය කළ යුතුයි. විදුලි බල පනතේ තිස්වැනි වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසමට ඒ බලය තිබෙනවා. විදුලි බල මණ්ඩලය බිලියන 200ක ලාභයක් ලබා තිබෙනවා.
මේ ලාභය ලැබුවේ කවුරු වෙනුවෙන් ද, ආගමික ස්ථාන වලට සියයට පන්සීයකින් විදුලි බිල වැඩිකර, සාමාන්‍ය ජනතාවට සියයට තුන්සීයකින් පමණ විදුලි බිල වැඩිකර, මේ ලාභය හදන්නේ කුමක් සඳහා ද යනුවෙන් සෝභිත හිමියෝ ප්‍රශ්න කළහ.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලංවිම නිලධාරී මාෆියාවට අහුවුනොත් මේ ආණ්ඩුවත් ඉවරයි
k.g.s.p.n.rupasingha Sunday, 26 January 2025 05:52 PM
අපේ හාමුදුරුවනේ විදුලිය විතරක් නෙවෙයි, මුළු ආණ්ඩුවේම බර, නාස්ති කරන මුදල් ඔක්කොම දුප්පතාගේ කරපිට තියලා තියෙන්නේ. ඔබ වහන්සේලා යටිගිරියෙන් කෑ ගැහුවේ මේ ටික කරගන්නද?
ගුණරත්න Sunday, 26 January 2025 08:04 PM
අහු වෙන්න? අහු වෙන්න දෙයක් නැහැ හාමුදුරුවනේ! ඔය ආයතනයේ යූනියන් ලොක්කන් ප්‍රසිද්ධියේ පුරසාරම් දෙඩුවා මේ ඔවුන්ගේ ආණ්ඩුව කියලා. එක ඇත්තක් තමයි, යූනියන් ලොක්කන් තමයි දැන් මේ ආයතන පාලනය කරන්නෙත්.
Chathuri Monday, 27 January 2025 06:18 AM
ඉතින් මේ ඇත්තොත් කලින් හිටපු ගොබ්බයෝ එක්කත් මේ විදියට. තර්කකෙරුවානම් ජනතාව දුක් විදින්නෙ නැහැ. දැන් පාරේ යන බල්ලොත් එනවා බුරාගන කිසිම බයක් නැතිව නැට්ට පස්සෙ ගහන් හිටිය කට්ටිය
Asanga Monday, 27 January 2025 10:04 AM
ආ මෙයා මෙච්චර කල් කොයිද හිටියේ