(ජේ.ඉඳුරුවගේ)
ළමයින් දරුකමට හදාවඩා ගැනීමේ ආඥාපනතට අනුව විදේශීය ඉල්ලුම් කරුවන් සඳහා මෙම ලිත් වර්ෂය සඳහා සියලුම අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් වියයුතු බවට නියම කරමින් ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල් රාජ් මහත්මිය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ෙ මේ අනුව ළමයින් දරුකමට හදා වඩා ගැනීමේ ආඥා පනතේ 3 වගන්තියේ 5අ උප වගන්තියේ ආ 1 ඡේදය යටතේ සඳහන් අයදුම්කරුවන් වෙනුවෙන් 2025 ලිත් වර්ෂය සඳහා සියලු අධිකරණ මගින් නිකුත් කළහැකි ළමයින් දරුකමට හදාවඩා ගැනීම් ආඥා සංඛ්‍යාව 100 ක් විය යුතු බව ජනවාරි 08 දාතමින් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම පනතේ ආ 1 ඡේදය යටතේ සඳහන් වන්නේ ලාංකික පුරවැසියන් නොවන හා කවර අවස්ථාවක හෝ ලාංකික පුරවැසියන් ලෙස නොසිටි ,ලංකාවේ වාසය නොකරන හා වසතිය නොමැති අය නමින් ළමයින් දරුකමට හදා වඩා ගැනීම සඳහා කරනු ලැබිය හැකි ඉල්ලීම් සඳහා වූ ආඥාවන් ය.
2025 දෙසැම්බර් මස 18
525
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1067
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ළමුන් දරුකමට පිටරටට දීම ගැන විශේෂ ගැසට්ටුවක්
Pradeep Kumara Monday, 27 January 2025 10:39 AM
ඇයි ඕක සීමා කරන්නේ. දරුවන් ඇතත් හදා වඩා ගැනීමට අපහසු මව් පියවරු සිටී නම් එම දරුවන් හදා වඩා ගැනීමට කැමති අයවලුන් සිටීනම් දුන්නාම ඇති වරද මොකක්ද? අන්තිමට වෙන්නේ දරුවන් කුණු කානු වලට, කසල ගොඩවල් වලට සහ ගංගා ඇළ දොළට විසි කිරීම වැඩි වීමයි. දරුවන් ජාවාරම් කාරයින් තවත් වැඩි වීමයි.
සංක්‍රාන්තික භූමි Monday, 27 January 2025 12:20 PM
අපේ අගමැතිනියනි, අපේ ළමයි පිටරටට දෙන්න එපා.! අපේ අගමැතිනියට ජයවේවා..!