(රංජන් කස්තුරි)
ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
පැන්සල් තුඩ නිපදවීම සදහා භාවිත කරන මිනිරන් සිස්න්ගේ නහය කට කන සහ දිවට ස්පර්ශවිම මගින් මෙම අහිතකර තත්වය ඇතිවන බව විද්‍යාඥයන්ගේ මතය වන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීවේය.
යුරෝපා කමිටුව මගින් පැන්සල් සහ පාට පැන්සල් සදහා CN හෝ EN 71වැනි ප්‍රමිතීන් හදුන්වාදී තිබෙන බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ලේකම්වරයා කීවේය.
නව පාසල් වාරය සදහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ භාවිතය පිළිබද අවධානය යොමුකරන්නැයි තමා ගුරුවරුන්ගෙන් සහ මාපියන්ගෙන් ඉල්ලා සිටින බවද පියසිරි ප්‍රනාන්දු මහතාපැවසීය.
දරුවන්ට භාවිතය සදහා නුසුසුදු පැන්සල් විශාල වශයෙන් වෙළදපොලේ තිබෙන අතර එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතය තුළින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සදහා සිදුවන පසුබෑම මෙන්ම සෞඛ්‍ය සදහා වන අහිතකර බලපෑම පිළිබදව දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවද ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්
පානදුර නගර සභාවට මෙවර තරඟ කරන අපේක්ෂකයකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කියයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පැන්සල් ගැන භයානක අනාවරණයක්
පිටරටවැසියා Sunday, 26 January 2025 10:15 PM
ලංකාවෙ මිනිරන් තිබුණට, ප්‍රමිතියකින් යුතුව පැන්සලක් හදාගන්න බෑ...හැදුවත් විකුණගන්න බෑ...හැබැයි චීනෙන් ගෙනත් ඕන කුණුගොඩක් උණුකැවුම් වගේ විකුණ ගත්ත හැකි...
Ravi Monday, 27 January 2025 08:04 AM
තම පැන්සල් ප්‍රමිතියෙන් යුතු යැයි පවසමින් දේශීය පැන්සල් මිල වැඩි කිරීමට කාලය පැමිණ තිබේ
Dilshan Monday, 27 January 2025 08:04 AM
පැන්සල් එන්නෙ චීනයෙන් නෙමේ ඉන්දියාවෙන්. පාට පැන්සල් තමයි චීනයෙන් එන්නෙ. ඒවගේ එහෙම විශ අන්තර්ගත නෑ. ගන්න ඕන බ්‍රෑන්ට් මොනවද, ගන්න හොඳ නැත්තෙ මොනවද කියලා මිනිස්සුන්ට කියන්න එපැයි. නැත්තන් අපි අරන් ගෙදරදි පරීක්ශන කරන්න ඕන කියලද දැන් මේ මුන් කියන්නෙ.
Ven.D.Revatha Thero Monday, 27 January 2025 08:40 AM
පිටරටින් බඩුගේන ජාවාරමෙකුගේ වැඩක් ද? පැන්සල් මුහුණට කටට ලන් නොකරන්න උපදෙස් දුන්නම අහවරයි නේද ආයුබොවන්.
Bunny Preena Monday, 27 January 2025 09:23 AM
වැඩිහිටියන්ගේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මෙම කරූ සම්බන්ධව යොමු වේවා
පාඨකයෙක් Monday, 27 January 2025 09:25 AM
"කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" යයි කියා තිබෙන්නේ මෙවැනි අවස්ථා හේතුවෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් පැන්සල්වල කූර හැඳින්වීමට ඇතැම් අය තවමත් භාවිත කරන්නේ 'ලෙඩ්" යන වචනයයි. එය සිංහල බසින් 'ඊයම්ය". ඊයම් බැර ෙලා්හයක් වන අතර, මාරාන්තික සෞඛ්‍ය තත්ත්වයන් ඇති කරයි. දැනට ශත වර්ෂ කිහිපයකට පෙර පැන්සල්වල අන්තර්ගත වූයේ ඊයම් කූරුය. නමුත්, දැනට වසර 200ක පමණ සිට පැන්සල්වල තුඩ සඳහා යොදාගන්නේ මිනිරන්ය. මිනිරන් යනු එක්තරා ආකාරයක කාබන්ය. (අඟුරු ද එක්තරා ආකාරයක කාබන්ය.) මිනිරන් ආශ්වාස කිරීමෙන් රෝග තත්ත්ව ඇති වන්නේ සිලිකා සමග මිශ්‍රව මහා පරිමානයෙන් පෙනහලුවලට ඇතුලු වුවහොත් පමණි. මුඛය තුලින් ආමාශගතවූ විට ශරීරයෙන් බැහැරවෙයි. එබැවින්, පැන්සල්වල තිබෙන මිනිරන්වලින් රෝග හට ගන්නේ නැති බව අන්තර්ජාලයනේ විස්තර කියවා බැලූ විට වටහා ගත හැක. වර්තමානයේ පැන්සල් නිපදවන්නේ සියුම් ලෙස කුඩු කළ මිනිරන්, මැටි ස්ථරයක ඇතුළත රෝල් කර, එම කූර ලී හෝ වෙනත් ඝන ද්‍රව්‍ය ආවරණයක් තුළ රඳවාය. නමුත්, පාට පැන්සල්වල 'තුඩ' වර්ණ ගැන්වීම සඳහා ප්‍රමිතියකින් ෙතාර වර්ණක යොදාගැනීම හේතුවෙන් රෝග අැති වීමට හැකියාවක් පවතී.
Kumara Monday, 27 January 2025 10:47 AM
හොඳ මොන පැන්සල්ද
සංක්‍රාන්තික භූමි Monday, 27 January 2025 12:15 PM
අපේ අගමැතිනිය මේ සම්බන්ධයෙන් පියවර ගනිවි! අපේ අගමැතිනියට ජයවේවා..!