
(රංජන් කස්තුරි)
ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.
පැන්සල් තුඩ නිපදවීම සදහා භාවිත කරන මිනිරන් සිස්න්ගේ නහය කට කන සහ දිවට ස්පර්ශවිම මගින් මෙම අහිතකර තත්වය ඇතිවන බව විද්‍යාඥයන්ගේ මතය වන බවද පියසිරි ප්‍රනාන්දු මහතා කීවේය.
යුරෝපා කමිටුව මගින් පැන්සල් සහ පාට පැන්සල් සදහා CN හෝ EN 71වැනි ප්‍රමිතීන් හදුන්වාදී තිබෙන බවද කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්චාවකදී ලේකම්වරයා කීවේය.
නව පාසල් වාරය සදහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ භාවිතය පිළිබද අවධානය යොමුකරන්නැයි තමා ගුරුවරුන්ගෙන් සහ මාපියන්ගෙන් ඉල්ලා සිටින බවද පියසිරි ප්‍රනාන්දු මහතාපැවසීය.
දරුවන්ට භාවිතය සදහා නුසුසුදු පැන්සල් විශාල වශයෙන් වෙළදපොලේ තිබෙන අතර එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතය තුළින් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සදහා සිදුවන පසුබෑම මෙන්ම සෞඛ්‍ය සදහා වන අහිතකර බලපෑම පිළිබදව දෙමාපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බවද ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ මිනිරන් තිබුණට, ප්‍රමිතියකින් යුතුව පැන්සලක් හදාගන්න බෑ...හැදුවත් විකුණගන්න බෑ...හැබැයි චීනෙන් ගෙනත් ඕන කුණුගොඩක් උණුකැවුම් වගේ විකුණ ගත්ත හැකි...
තම පැන්සල් ප්‍රමිතියෙන් යුතු යැයි පවසමින් දේශීය පැන්සල් මිල වැඩි කිරීමට කාලය පැමිණ තිබේ
පැන්සල් එන්නෙ චීනයෙන් නෙමේ ඉන්දියාවෙන්. පාට පැන්සල් තමයි චීනයෙන් එන්නෙ. ඒවගේ එහෙම විශ අන්තර්ගත නෑ. ගන්න ඕන බ්‍රෑන්ට් මොනවද, ගන්න හොඳ නැත්තෙ මොනවද කියලා මිනිස්සුන්ට කියන්න එපැයි. නැත්තන් අපි අරන් ගෙදරදි පරීක්ශන කරන්න ඕන කියලද දැන් මේ මුන් කියන්නෙ.
පිටරටින් බඩුගේන ජාවාරමෙකුගේ වැඩක් ද? පැන්සල් මුහුණට කටට ලන් නොකරන්න උපදෙස් දුන්නම අහවරයි නේද ආයුබොවන්.
වැඩිහිටියන්ගේ සහ අධ්‍යාපන බලධාරීන්ගේ අවධානය මෙම කරූ සම්බන්ධව යොමු වේවා
"කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි" යයි කියා තිබෙන්නේ මෙවැනි අවස්ථා හේතුවෙනි. ඉංග්‍රීසි භාෂාවෙන් පැන්සල්වල කූර හැඳින්වීමට ඇතැම් අය තවමත් භාවිත කරන්නේ 'ලෙඩ්" යන වචනයයි. එය සිංහල බසින් 'ඊයම්ය". ඊයම් බැර ෙලා්හයක් වන අතර, මාරාන්තික සෞඛ්‍ය තත්ත්වයන් ඇති කරයි. දැනට ශත වර්ෂ කිහිපයකට පෙර පැන්සල්වල අන්තර්ගත වූයේ ඊයම් කූරුය. නමුත්, දැනට වසර 200ක පමණ සිට පැන්සල්වල තුඩ සඳහා යොදාගන්නේ මිනිරන්ය. මිනිරන් යනු එක්තරා ආකාරයක කාබන්ය. (අඟුරු ද එක්තරා ආකාරයක කාබන්ය.) මිනිරන් ආශ්වාස කිරීමෙන් රෝග තත්ත්ව ඇති වන්නේ සිලිකා සමග මිශ්‍රව මහා පරිමානයෙන් පෙනහලුවලට ඇතුලු වුවහොත් පමණි. මුඛය තුලින් ආමාශගතවූ විට ශරීරයෙන් බැහැරවෙයි. එබැවින්, පැන්සල්වල තිබෙන මිනිරන්වලින් රෝග හට ගන්නේ නැති බව අන්තර්ජාලයනේ විස්තර කියවා බැලූ විට වටහා ගත හැක. වර්තමානයේ පැන්සල් නිපදවන්නේ සියුම් ලෙස කුඩු කළ මිනිරන්, මැටි ස්ථරයක ඇතුළත රෝල් කර, එම කූර ලී හෝ වෙනත් ඝන ද්‍රව්‍ය ආවරණයක් තුළ රඳවාය. නමුත්, පාට පැන්සල්වල 'තුඩ' වර්ණ ගැන්වීම සඳහා ප්‍රමිතියකින් ෙතාර වර්ණක යොදාගැනීම හේතුවෙන් රෝග අැති වීමට හැකියාවක් පවතී.
හොඳ මොන පැන්සල්ද
අපේ අගමැතිනිය මේ සම්බන්ධයෙන් පියවර ගනිවි! අපේ අගමැතිනියට ජයවේවා..!