කෝවිද හිමියෝ අපවත් වෙති විචිත්‍ර ධර්ම කථික කොලොන්නාව ශ්‍රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ. 01 September 2024
කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු උපක්‍රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්‍රව්‍ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාර දී ඇත. 01 September 2024
ඩුබායි යන්න ආ විශ්‍රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක් ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්‍රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ටී - 56 උණ්ඩයක් , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු පරිලෝකන යන්ත්‍ර පරීක්ෂා කිරීම සිදු කරමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ . 01 September 2024
ව්‍යාජ ඡන්දයක් ගැන පැමිණිල්ලක් ඇඹිලිපිටිය නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ව්‍යාජ ඡන්ද පොළක් පවත්වා ප්‍රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්‍රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. 01 September 2024
තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 01 September 2024
රබර් වගා ණය අරන් කෝටි 12 ක් පොලු තියලා දිස්ත්‍රික්ක පහළොවක වගාකරුවන් 3544 දෙනකු රබර් නැවත වගාව සහ නව වගාව සදහා රජයෙන් වගා සහනාධාර මුදල් ගැනීමෙන් පසු වගාව අත්හැර දමා රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් නැවත ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 September 2024
ලිට්රෝ මිල සංශෝධනය නොවේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පැවසීය. 01 September 2024
කල්පිටියේ ඉන්ධන හලක පෙට්‍රල් ටැංකියට සීල් කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම් හලේ පෙට්‍රල් බෙදා හැරීමේ ටැංකිය දින තුනක සිට මුද්‍රා තබා තිබේ. 01 September 2024
කුඩු අලෙවි කළ නිවසක සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම් සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්‍රව්‍ය වලට දැඩිව ඇබ්බැහි වු පුද්ගලයෙකුගේ නිවසේ මධ්‍යම රාත්‍රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි . 01 September 2024
දියණියට වද හිංසා කළ පියෙක් අත්අඩංගුවට විදේශගතව සිටින බිරිඳ ලබා දෙන මුදල් මදි බව හා බිරිඳගේ දෙමාපියන් හට ලබා දෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස පවසා වයස අවුරුදු 05 ක තම දියණිය කෲරත්වයට පත් කළ බව කියන පියෙකු පොලීසියට ලද පැමිණිල්ලක් මත අත් අඩංගුට ගත් බව දෙණියාය පොලීසිය පවසයි . 01 September 2024
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 71ක් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද උදෑසන දක්වා කාලය තුල ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ පැමිණිලි 71ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්‍රික් ජනාධිපති මැතිවරණ පැමිණිලි මධ්‍යස්ථානය පවසයි. 01 September 2024
ෂෙයික් හසීනාට නඩු සිය ගණනක් බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර ඇති නඩු ගණන 100 පසුකර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 01 September 2024
විදුලිසැර වද්දවා අලියා මැරී යැයි වත්තේ මුරකරු අත්අඩංගුවට මාතලේ - යටවත්ත ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහවෙල පොලිස් වසමේ උතුරු මාතලේ - දළුපොතවත්ත ප්‍රදේශයේ දී විදුලි රැහැනක පැටලි වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහවෙල පොලිසිය කියයි. 01 September 2024
කුමාරි ඇතින්නියට හිංසා කළැයි ඇත් ගොව්වා අත්අඩංගුවට බණ්ඩාරගම වෑවිට ප්‍රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි . 01 September 2024
ඉන්දුනීසියා සංචාරයට පාප්තුමා සූදානම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ඉන්දුනීසායාවට පැමිණීමට සූදානමින් සිටී. පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත්තේ අනිද්දා (3) වැනිදා යැයි වතිකානය පවසා ඇත. 01 September 2024
සටන් විරාමය මැද පෝලියෝ එන්නත් දෙයි එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ ගාසා තීරයේ පලස්තීන සෞඛ්‍ය නිලධාරීන් එකමුතු වෙමින්, ගාසා තීරයේ දරුවන් 640,000කට පෝලියෝ එන්නත් කිරීමේ මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 01 September 2024
විල්පත්තු වනජීවී කාර්යාලයේ හතරක් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනදෝන්යයේ පිහිටි රජයට අයත් පැරණි ගොඩනැගිල්ලක සෙවිලි තහඩු සොරා ගැනිමට උත්සහා කළ විල්පත්තුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරින් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 01 September 2024
නිතී විරෝධි දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී , එම ගුවන් මගියා ද සමඟ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 September 2024
වන අලියෙක් වාහනයක හැපිලා පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම ආසන්නයේදී වාහනයක ගැටීමෙන් වන අලි පැටවකු අනතුරට ලක්වී ඇති බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි . 01 September 2024
රෑ වැටුණු වලේ දවල් වැටෙනව ද? රෑ වැටුණු වලේ දවල් වැටෙනවාද කියා තීරණය කරන්නට ජනපතිවරණයේදී ජනතාවට කදිම අවස්ථාවක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය ඇතුළු ජනපතිවරණ ජනරැලි පහක් අමතමින් පැවසීය. 01 September 2024
විටින් විට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 01 September 2024
ලාන්ස් කෝප්රල් වෙඩි තබාගෙන බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි. 01 September 2024
පෙට්‍රල් - ඩීසල් මිල බස්සයි පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. 01 September 2024
‘‘ප්‍රධාන සැලසුම් පහක් අනුව රට දියුණු කරනවා‘‘ ප්‍රධාන සැලසුම් පහක් මූලික කර ගනිමින් රට දියුණු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල දී අද (31) පැවසීය. 31 August 2024
බදුල්ලේ වෙඩි තැබීමක් : මවක් රෝහලේ බදුල්ල හිදගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (31) පස්වරුවේ සිදු වූ වෙඩිතැබීමකින් දෙදරු මවක තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 31 August 2024
සජබ සේරුවාවිල සංවිධායක ජනපතිට සමඟි ජනබලවේගය පක්ෂයේ සේරුවාවිල ආසනයේ සංවිධායක නලින් ගුණවර්ධන සහ ත්‍රිකුණාමලය කඩවත් හතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හිටපු නාගරික මන්ත්‍රී ටී. බහර්දීන් යන මහත්වරු ජනපතිට සහය පළ කිරීම සඳහා අද (31) එක් වූහ. 31 August 2024
ඉතුරු මුදල් ඉල්ලූ මගියාට කොන්දොස්තරගෙන් ගුටි පූජාවක් මාර්ග අංක 163 බත්තරමුල්ල දෙහිවල බස් රථයක ගමන් ගත් මගියෙකු තමන් ගෙවූ මුදලට ටිකට් පතක් සහ ඉතිරි මුදල් ඉල්ලීම නිසා උරණ වූ එම බස් රථයේ කොන්දොස්තරවරයා මගියාට පහර දී ඇතැයි තලංගම පොලිසිය පවසයි 31 August 2024
ලක්ෂ 27 විදුලි උපකරණ සොරා ගත් කතක් ඇතුළු 3 ක් මාට්ටු බේරුවල නගරයේ විදුලි උපකරණ වෙළඳසැළකින් රුපියල් ලක්ෂ 27 ක විදුලි උපකරණ සොරකම් කර සැකකරුවන් දෙදෙනෙකු ඊට අනුබල දුන් කාන්තාවකුත් එම භාණ්ඩ සමඟ අද (31) අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි. 31 August 2024
රටේ ලක්ෂ හතක් නිදි නැතුව වැඩ සතියකට පැය 40 කට වැඩියෙන් වැඩ කරන පිරිස පසුගිය වසර තුනක කාලයේදී ලක්ෂ හතකින් පමණ වැඩි වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකා සමීක්ෂණයෙන් හෙළිදරව්වී ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය. 31 August 2024
ක්ලබ් වසන්ත ඝාතකයාට නවාතැන් දුන් හිටපු මන්ත්‍රී රිමාන්ඩ් ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ එක් වෙඩික්කරුවෙකුට සහ තවත් සැකකරුවෙකුට නවාතැන් හසුකම් ලබාදීම සහ පහසුකම් සැලසීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 02 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කඩුවෙල වැඩ බලන මහේස්ත්‍රාත් ලක්ෂ්මී සූරිගේ කරුණාසේකර මහත්මිය නියෝග කලාය. 31 August 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026