IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

(අංජුල මහික වීරරත්න)

රජයේ අමාත්‍යවරුන්ගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයේ පහසුකම් සම්බන්ධයෙන් සීමා පනවමින් ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය අනුව අමාත්‍යවරු සඳහා සහාය කාර්ය මණ්ඩලය 15 දෙනෙකුගේ උපරිමයකට යටත් වන අතර නියෝජ්‍ය අමාත්‍යවරුන් සඳහා වන කාර්ය මණ්ඩලය 12කට සීමා කර ඇත.

සෑම අමාත්‍යවරයකුටම ස්වේච්ඡා උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගැනීමට හැකියාව ඇති අතර එම උපදේශකවරුන් විෂය පථය සම්බන්ධයෙන් ප්‍රාමාණික උගතුන්, පර්යේෂකයන්, වෘත්තියවේදීන්, පුරවැසි සංවිධාන නියෝජිතයින් හෝ මහජන නියෝජිතයන් විය යුතු බව අදාල චක්‍රලේඛයේ දැක්වේ.එම පත් කිරීම් ගැන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කළ යුතු බවද අදාළ චක්‍රලේඛයේ සඳහන් වෙයි.

අමාත්‍යවරුන්ගේ පූර්ණ කාලීන උපදේශකවරුන් සංඛ්‍යාව දෙදෙනකු නො ඉක්මවිය යුතු බවද ඔවුන්ගේ වැටුප් ,දීමනා රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අනුව විය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන්ව ඇත.

අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය කාර්ය මණ්ඩලය ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හෝ සමීප ඥාතීන් නොවිය යුතු බවද ජනාධිපති ලේකම්වරයා නිකුත් කළ චක්‍ර ලේඛයෙහි සඳහන් වෙයි.

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පරිහරණය සඳහා වෙන් කරන නිල වාහන සංඛ්‍යාව උපරිම වශයෙන් දෙකකට සීමා විය යුතු අතර එම වාහන සඳහා මසකට උපරිම වශයෙන් ඉන්ධන ලීටර් නවසීයක ප්‍රතිපාදන වෙන් කෙරෙන බවද අදාල චක්‍රලේඛයේ සඳහන් වෙයි. අමාත්‍යවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයකු වෙත සපයනු ලබන උපරිම රාජකාරී දුරකථන සංඛ්‍යාව හතරක් වන අතර කාර්යාල සහ නිවාස දුරකථන සඳහා රුපියල් 20000ක්, ජංගම දුරකථනය සඳහා රුපියල් 10000ක ප්‍රතිපාදන ද වෙන්කර තිබේ.

ජනවාරි 6 වෙනිදා සිට බලාත්මක වන පරිදි නිකුත් කර තිබෙන මෙම චක්‍රලේඛයේ පිටපත් අග්‍රාමාත්‍ය ලේකම් ,අමාත්‍ය මණ්ඩල ලේකම්,මුදල් ක්‍රම සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යංශශ ලේකම්,රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් සහ විගණකාධිපති වෙත යොමු කර ඇත.

 



අදහස් (4)

ඇමති වියදම් ගැන ජනපති ලේකම්ගෙන් චක්‍රලේඛයක්

Don perea Friday, 24 January 2025 12:13 PM

දැන් බයියෝ මොනවද කියන්නේ කියලා.

:       3       12

Kithsiri Friday, 24 January 2025 01:22 PM

වරින්වර විවිධාකාර චක්‍රලේඛ නිකුත්කරන බව කියනවා වුනත් අන්තර්ජාලයේ බලන්න අපහසු බවක් තියෙනවා විශ්‍රාමිකයින්ට අදාල එම දෙපාර්තමේන්තුවේ චක්‍රලේඛ වගේම රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ බලන්න අපහසුබවක් තියෙනවා ඒගැන අවධානය යොමුකරන්න

:       1       5

dileepa1986 Friday, 24 January 2025 02:12 PM

මම මේ නොදන්න නිසා අහන්නේ. මම දැනුවත්ව ජංගම දුරකතන පැකේජ තියෙනවා රු 1000ට අඩුවෙන් ගන්න. ඕනම කතා කාලයක් මාසය පුරාම ලබාගැනීම සඳහා .එතකොට රුපියල් 10000ක් ලබාදීමේ අරමුණ කුමක්ද? මා ලඟ තිබෙන දුරකතනය සඳහා රු 820 මාසෙටම. ඕන අංකයකට ඕන තරම් කතා කරන්න පුලුවන්.

:       0       7

තාරානාත්Friday, 24 January 2025 10:18 PM

ජාත්‍යන්තර ඇමතුම් ඇතුලත්ව උපරිමය තමයි ඔය දාලා තියෙන්නේ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site