IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට

(මංගල එදිරිසිංහ  සහ චමිලා අල්විස්)

පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට හොරණ රාජකීය ජාතික පාසලේ රණතුංග ලියනගේ මිසන්ධි යෙවින්යා ශිෂ්‍යාව සමත් වූවාය. ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව   188 කි.

හොරණ මුණගම නිවාස යෝජනාකමේ පදිංචි මෙම දියණියගේ පියා ව්‍යාපාරිකයෙකි. ඔහු  දිළුම් මදුරංග මහතාය.ඇගේ මව සජානා නේපාලි මහත්මියයි.

හොරණ රාජකීය ජාතික පාසලේ විදුහල්පති රංගන කුමාර මහතාගේ උපදෙස් මත පන්තිභාර ගුරුතුමිය මානෙල් අමරතුංග මහත්මිය සමග ආචාර්ය මණ්ඩයේ කැපවීම මත මෙම ජයග්‍රහාණය හිමිකර ගත් බව බිසන්ධි යෙවින්යා සිසුවිය කීවාය.

 

 



අදහස් (5)

ශිෂ්‍යත්වයේ කප් එක හොරණ රාජකීයට

Aslam Friday, 24 January 2025 03:06 PM

සුභ පැතුම් දුව!!! ඔබගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා සියලු සුභ පැතුම්!!

:       1       64

Hapana Friday, 24 January 2025 03:20 PM

ඇත්තටම විභාගේ ප්‍රතිඵල ගන්න මහන්සි උන් හැටි දන්නෙ දූයි, දූගේ දෙමව්පියොයි, කාටවත් ක්‍රෙඩිට් වැටෙනවට මං නං අකමැතියි. තමන්ගේ උත්සාහය නැත්තං, ඔහොම ලකුණක් ගන්න බෑ.දූට ජය.

:       3       48

පුෂ්පා Saturday, 25 January 2025 03:39 AM

මම ඉන්න දියුණු රටේ නම් පළවෙනියෝ තේරීමක් නෑ පොඩි දරුවන්ගේ විභාග වල. ළමයි හරිම තරඟකාරී වුණත් අනිකාගේ තරඟය සහ ජයග්‍රහණය වෙන දරුවෙකුට මානසික පීඩනයක් බවට පත් වෙන්න මේ රටේ වැඩිහිටියෝ දෙන්නේ නෑ. රටවල් දෙකේම ජීවත් වෙලා ඔය විභාග වලින් ඉහලින්ම සමත් වෙලා මෙහෙ ආපු මට නං හිතෙන්නේ මෙහෙ ක්‍රමය තමා දරුවන්ට හොඳම කියලා.

:       0       1

LGP. JATHUNARACHCHI. Saturday, 25 January 2025 07:29 AM

සුබපැතුම්...!

:       0       2

නරේන්ද්‍ර ගුණතිලක Sunday, 26 January 2025 02:50 AM

උණුසුම් සුභ පැතුම් දුව. ඔබගේ අනාගතය අති සාර්ථක වේවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1605 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site