IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට

(කාංචන කුමාර ආරියදාස)

මාතලේ වෑමැඩිල්ල ජලාශයේ සිට වයඹ පළාතට ජලය රැගෙන යෑම සඳහා ඉදි වෙමින් පවතින වයඹ ඇල ව්‍යාපෘතිය හේතුවෙන් ගලේවෙල පහළ බම්බාව බෝ ගස්යාය ගම්මානයේ ජනතාවගේ දෛනික ජන ජීවිතය පවා අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ඔවුහු පවසති.

මෙම පහළ බම්බාව බෝගස්යාය ගම්මානයට පිවිසුම් මාර්ගය හරහා වයඹ ඇල ඉදිකිරීම හේතුවෙන් වසර හතරකට පෙර සිට මෙම ගම්මානයට ගමන් කිරීමට විකල්ප මාර්ගයක් මහවැලි අධිකාරිය මගින් ඉදිකර දුන්නද මාර්ගයේ මේ වන විට වාහනයකට හෝ පයින් ගමන් කිරීමට පවා නොහැකි තත්ත්වයක් පත්ව ඇතැයි ජනතාව පෙන්වා දෙති.

මෙම හේතුව නිසාවෙන් ගම්මානයේ පවුල් තිස් හතක් පමණ දෙනා ගේ දරුවන්ගේ පාසල් ගමනට සහ අනෙකුත් සියලු ප්‍රවාහනවලට බාධා එල්ල වී තිබෙන බව ඔවුහු වැඩිදුරටද පෙන්වා දෙන අතර ගම්මානයේ වසර හතරක සිට අඩුම තරමේ ආවා විවාහයක් හෝ සිදුවන්නේ නැති බවද ඔවුන් පෙන්වා දෙති.

මෙම ප්‍රදේශයෙන් භූගතව වයඹ ඇළ ගමන් කරන බවත් ඉඩම් යටින් භූගතව ඇල මාර්ග දෙකක් තිබීම හේතුවෙන් ප්‍රදේශයේ බොහෝ නිවාස ඉරිතලා යන බවද ඔවුහු පෙන්වා දෙති.

එමෙන්ම මෙසේ නඩත්තු කටයුත්තක් නොකිරීම නිසා ඇළ මාර්ගය දෙපස මාර්ග ගිලා බැස ජලය බැස නොයන නිසා ජලයෙන් නිවාස යටවෙන බවද ඔවුහු පෙන්වා දෙති.

තමන්ගේ කුඹුරු ප්‍රදේශයට පාසලට ගමන් කිරීමට මීටර් සියයකින් පා ගමනින් ගමන් කිරීමට තිබුනද මෙවන විට තමන්ගේ කුඹුරට පාසලට ගමන් කිරීම සඳහා ත්‍රි රෝද රථයකින් රුපියල් 600 මුදලක් ගෙවා යුතුව තිබෙන බවද ඔවුහු කියති.



අදහස් (1)

ජලාශයක් නිසා ගලේවෙල වැසියෝ පීඩාවට

Fernando Saturday, 25 January 2025 08:00 AM

කෝ අර උමා ඔයේ හිල හොයපු කෙනා. දැන් එයාට හිල් පේන්නේ නැද්ද? ඒ කාලේ නම් කවි, ගී, ගායනා, වස් කවි කියාගත්තු ගමන්මයි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අපේ අයගේ සාත්තුවට ඊශ්‍රායලය වශී වෙයි
2025 මැයි මස 02 576 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින්ට ඊශ්‍රායල් රජයෙන් හිමිවන රැකියා අවස්ථා දිනෙන් දින ඉහළ යමින් පවතින අතර පසුගිය මාස හතරේ දී පමණක් 278 දෙනකු සඳහා ඊශ්‍


අපේක්ෂකයා මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි
2025 මැයි මස 02 278 1

මෙවර පළාත් පාලන මැතිවරණයට පානදුර නගර සභාවට තරඟ කරන අපේක්ෂකයෙකු රුපියල් ලක්ෂ 13 කට අධික වටිනා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව අළුබෝමුල්ල පොලිසිය කිය


යතුරු පැදිවලින් මහනුවර පාර වහලා
2025 මැයි මස 02 729 0

මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපි⁣ට හරස් වීදීය සහ පදිකවේදිකාව ද සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට මඟක්


අහංගම දුම්රිය අනතුරකින් කතක් මරුට
2025 මැයි මස 02 339 0

අහංගම, ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක දී ත්‍රිරෝද රියක් දුම්රියක ගැටීමෙන් කාන්තාවක මියගොස් ත්‍රිරෝද රථ රියැදුරා තුවාල ලබා ඇතැයි අහංගම පොල


කතරගම කාන්තා ඝාතනයට ප්‍රා.ස මුරකරු දැලේ
2025 මැයි මස 02 771 0

අනියම් සම්බන්ධතාවයක් මත ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවකගේ දෑත් කපා වෙන් කොට ඝාතනය කළ බව කියන කතරගම ප්‍රදේශීය සභා මුරකරුවකු අත්අඩංගුවට ගත්බව කතරගම ප


ඡන්ද සත්තෝසම් දෙන්න තිබු පැදුරු- ඇතිරිලි පොලිස් බාරයට
2025 මැයි මස 02 307 0

මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයන්ට බෙදා දීම සඳහා මන්නාරම අඩම්පන් ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ පැදුරු සහ ඇඳ ඇතිරිලි තොගයක් සොයාගත් බව අඩම්ප


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 444 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 113 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1138 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site