(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ අහිංසක මිනිසුන්ගෙන් කාලා බීලා ඉන්න ලැජ්ජාවක් නැද්දැයි ප්‍රශ්න කරන බවත් ජනතාවට බරක් නොවී කරුණාකර ඔය සුපිරි නිවෙස් වලින් යන්නැයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන්ගේ ඉල්ලා සිටින බවත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාගේ මහ මන්දිරය වෙනුවෙන් පෙනී සිටින අයට වගේම ඒ නිවසේ සිටින අයටද ලැජ්ජාවක් නැති බව පැවසු අමාත්‍යවරයා උස මහත දරුවන් තිදෙනෙකුට තමන්ගේ අම්මා තාත්තා රැක බලා ගැනීමට හැකියාවක් තිබිය යුතු බවද ප්‍රකාශ කළේය.
නාවික හමුදාවේ දරුවකු සේම හඳට රොකට් යවන දරුවකුද සිටින බව ඔහු පෙන්වා දුන්නේය.
හිටපු ජනාධිපති මේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ නිවස තවමත් තක්සේරු කර නොමැති බවත් ලන්ඩන් ගොස් පැමිණි පසු ඊට අවස්ථාව දෙන බව ඇය ප්‍රකාශ කර ඇති බවත් නලින්ද ජයතිස්ස මහතා පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් පරපෝෂිතයෝ, කිනිත්තුල්ලෝ, මැක්කෝ ටික්කෝ
අලුත් ආණ්ඩු ඉගෙන ගතයුතුයි සතුරෙකුගෙන් වුණත් වැඩ ගන්නනා ආකාරය ... 2015 ජන 08 බලය අතහැර ගිය විටත් පාන්දර බලයේ බලයෙන් ඉන්න හැදුවා කියා උබලා බොරු කුමන්ත්‍රණයක් .. මඩ පාරක් දැම්මා අමතකද ?
අර රොකට් කතාව මරු ඈ. එහෙනුත් ඉඩම්, අයිතිකාරයෝ නැති ගෙවල්, මැණික් මලු හම්බ උනාද කියලා හොයන්න ඕන.
රට බංකලොත් කළා මදිවට තව අපේ සල්ලිවලින් නඩත්තු වෙන්න දෙන්න ඕනෙද? මේ දූශිතයින්ට වහාම මුන්ව එලවන්න ඕනේ. නැත්තම් ඒ මුදල අයකර ගන්න ඕනේ.
ගැලරිය පිනවන්න වහසි බස් පුරසාරම් දොඩවනවා වෙනුවට නිතියට අනුකුලව හ්හැසිරෙන්න ක්‍රියා කරන්න ඔහු නිවස දුන්නෙ රජයෙන් නම් එය නැවත ලබා ගැනිමට පලමුව ලිකිතව දැනුම් දෙනවා වෙනුවට අරව්87/88/89 කාලෙ සෙල්ලම් කතා කිමෙන් ගොබ්බ චරිතයක් නොවන්න
හැබෑ දුක හඳුනන නායකයකු නම් රටේ දුප්පත් මිනිස්සුන්ට බරක් වෙලා ඒ මිනිසුන්ගේ මුදල් වලින් ජීවත් වෙන්න හදන්නෙ නෑ. ඔය සුපිරි නිවාස ආයෝජන බවට පත් කලොත් එයින් කිහිප දෙනෙකුගේ හරි රටේ දුප්පත් මිනිසුන්ගේ බඩගින්න නිවන්න පුලුවං. මේක දුප්පත් රටක්, නැගිටින්න දඟලන රටක්
උපරිම උත්සහ කලා බැරි නිසා ඉතිං ඊට වඩා මොනව කරන්නද?
ඔතන කිසිම නීති විරෝධී දෙයක් වෙලා නැහැ, විශ්‍රාමික ජනාධිපති කියන්නේ රටේ හිටපු රාජ්‍ය නායකයා, එහෙම තැනැත්තෙක්ට ඉඳපු තනතුරේ තත්වයට ගැලපෙන සුදුසු වැදගත් නිවාසයක් රජයෙන් දෙන්න ඕන. එහෙම දුන්නු නිවාස වල ඔය හිටපු නායකයෝ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් මොකක්ද මේ දේහි ඇති වැරැද්ද? වර්තමාන පනතට 100% අනුකූලයි, අවශ්‍ය නම් ඕක වෙනස් කරලා ඒ නායකයන් එතනින් ඉවත් කරන්න පුළුවන්. ප්‍රශ්නය මේක ලංකාවේ තියෙන බැරෑරුම්ම ප්‍රශ්නයද? අනිත් හැම ප්‍රශ්නයක්ම විසඳලා ඉවරයිද?
මෙතුමාත් අර අර්ජුන් වෛද්‍ය තුමාගේ උපාධිය ද අරගෙන තියෙන්නේ. ඔබතුමා රජයේ වැදගත් තනතුරක් දරන්නේ. වැඩක් කරනකොට, කියනකොට පිළිවෙලක් තියෙන්න ඕනේ. ඔබතුමාලට ඡන්දෙ දුන්නේ මිනිස්සු ඔයවගේ හැසිරීමක් බලාපොරොත්තුවෙන් නෙමෙයි. මිනිස්සුන්ගේ, සමාජයේ පිරිහීම දැන් ගොඩක් වැඩිවෙලා. පාසල්වල සිසුන් විදුහල්පතිට ගහන්න යන තත්වෙට දැන් පහලටම පිරිහිලා. ඔබතුමාලාගේ හැසිරීමත් අන්තිමයි. ඔය කවුරු වුණත් රටේ හිටපු ජනාධිපතිවරු වැරැදී තියෙන්න පුළුවන් කාගේත්. නමුත් හිඟන්නන්ට වාගේ කතා කරන්න එපා. රටේ නීතියක් තියෙනවා. ඒ අනුව ක්‍රියාකරන්න. හන්දිගානේ, පාරවල් ගානේ ඕවා කියවන්න ඕනේ නෑ. දැන් ගැලරියේ ගවයෝ අඩුයි ඔයවගේ කතාවලට හුරේ දාන්න. විභාග විතරක් පාස් වෙන්න තියෙන අධ්‍යාපන ක්‍රමයේ වරද තමයි මේ.
මහින්ද! ඔයාට ලැජ්ජාව කියන එක ගෑවිලාවත් නැත්ද?
මේකත් හරියට පිනෑන්ස් කාරයො ලක්ෂ 5 ත්‍රීවිල් රථ ලක්ෂ 15 ට තක්සේරු කරල ලීසින් දීලා නිසා උන් බේරගන්න වාහන import tax වැඩිකරන්න ආන්ඩුව තීරණය කලා වගේ වැඩක් . නිල නිවසෙ තක්සේරු ව කොම්පැනිවලට දීමට ජනතාවගෙ ආදරයට නෙමේ
මෙයාගෙත් කට පඩික්කම වගේ...!
පච රෑල බොරුවෙන්මයි ඔක්කොම යන්නේ… යකෝ රටක ආර්තිකය හදනවා මිසක් ඔට ගෙයක් දෙකක් නිසා ජනතාවට සෙතක් වෙනවාද…? තොපේ හීනමානය සහ වයිරී දේශපාලනය (මිනී මරපු අයනේ) නිසා අපේ මහින්ද මහත්තයාට අද යාලුවෝ LTTE ඩයස්පෝරා ඔවුන්ගෙන් තිබෙන තර්ජනය කිසි ගානක් නෑ… සත්තු… පච රැල… අහ අහ මව්බිම නැතිනම් මරණය කරපු හැත්තක්නේ...
ආයේ ජීවිතේට රටක යුද්ධයක් ඇති වුනොත්, ඒක ඉවරවෙනවට හීන දකින්න එපා. මොකද කිසිම නායකයෙක් ආපහු රටක යුද්ධ නතර කරන එකක් නෑ. මොකද යුද්ධය ඉවර කරාට පස්සේ තමන්ටත් තමන්ගේ පවුලටත් කිසිම ආරක්ශාවක් නැති බව දන්නා නිසා. කොහොම හරි කොටි ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටු වුණා. පාතාල මර්ධනයත් වෙන්නේ නෑ.
මොවුන්ගේ කුහක ඊර්ෂ්‍යාව...