බදුල්ලේ පාසල් 13වැනිදා සිට නිවාඩු 2024 ජනාධිපතිවරණය නිමිත්තෙන් බදුල්ලේ පාසල්වලට ලබන 13වන දින සිට නිවාඩු ලබා දෙන බව ඌව පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණි මහින්දපාල ජෝපියස් මහතා අද (4) පැවසීය. 04 September 2024
ගෙන් ගෙට පෙළපාළිවලට මැකෝ හරස්වෙයි ඡන්ද ප්රචාරක කටයුතු සඳහා ගෙන් ගෙට පෙළපාළිවලින් ගමන් කිරීම වහාම වැළැක්වීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පොලිසියට අද (4) නියෝග කළේය. 04 September 2024
ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ ජනපති හමුවී අද ප්‍රකාශ කළහ. 04 September 2024
වාහන පර්මිට් 75,000ක් මග හිරවෙලා රාජ්‍ය නිලධාරීන්ට වාහන ගැනීමට දෙන බලපත්‍ර 75,000ක් පමණ වසර පහක් තිස්සේ සිරවී පවතින බව එක්සත් ජාතික පක්ෂයේ පත්කළ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (4) පැවසීය. 04 September 2024
’’රටේ සහ ජනතාවගේ යහපතට වැඩ කරනවා’’ භාණ්ඩාගාරයට එන හැම ශතයක්ම රටේ සහ ජනතාවගේ යහපත පිණිස යොදනවා යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා බදුල්ලේදී පැවසීය. 04 September 2024
කෙහෙළියගේ ඇපෑල සලකා බැලීම කල් යයි මිනිස් භාවිතයට නුසුදුසු හියුමන් ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට මාලිගාකන්ද මහේත්‍රාත් අධිකරණය මගින් රිමාන්ඞ් භාරයට පත් කර ඇති හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ලබාදෙනවාද නැද්ද ය න්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 4වැනි වරටත් අභියාචනාධිකරණය කල්තැබුවේය. 04 September 2024
ආහාර විසවී 43ක් රෝහලට පාදුක්ක වටරැක ප්‍රදේශයේ පිහිටි විදුලි උපකරණ නිෂ්පාදන ආයතනයකින් අද (04) ලබා දුන් ආහාරයක් අසාත්මික වීමෙන් එහි සේවක සේවිකාවන් හතළිස් තුන් දෙනකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව මීගොඩ පොලිසිය පවසයි. 04 September 2024
මඩේ එරුණු දරුවා මරුට තම පියාගේ වෙළඳසැලේ සිට නිවසට තනිව ගිය බව කියන කුඩා දරුවෙකු නිවස ඉදිරිපිට ජලය පිරී තිබුණු කාණුවක ගිලී මඩේ එරීමෙන් මියගොස් ඇතැයි බටපොල පොලීසිය කියයි. 04 September 2024
කෝටි 47ක් වටිනා කිරිපිටි සත්ත්ව ආහාරවලට විකුණලා නුවරඑළියේ පිහිටි අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව විසින් නිෂ්පාදනය කොට තිබු රුපියල් මිලියන 475.2ක් වටිනා කිරිපිටි කිලෝග්රැම් 720,000ක ප්‍රමාණයක් මිනිස් පාරිභෝජනයට නුසුදුසු බැවින් 2018 වර්ෂයේ සිට 2022 දක්වා අතර කාලය තුලදි සත්ත්ව ආහාර ලෙස අලෙවිකොට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ. 04 September 2024
අරුන්දික ස්වාධීන වෙයි තමා මින් ඉදිරියට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේදී අද (4) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 04 September 2024
මෝදිට උණුසුම් පිළිගැනීමක් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා අතරේ හමුවක් පැවැත්විණි. 04 September 2024
ආගමික අන්තවාදයට එරෙහි වෙන්න ඕනෑ ආගමික නිදහසට ගරු කරන අතරතුරේ, ආගමික අන්තවාදය පිටුදැකීමට පියවර ගත යුතු යැයි ඉන්දුනීසියාවේ නිල සංචාරයක නියැලෙන ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා අවධාරණය කර තිබේ. 04 September 2024
අල්ලස් ගත් රිය පුහුණු ආයතන හිමිකරු රිමාන්ඩ් වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය නිකුත් කරන රියදුරු බලපත් කාඩ් පත කඩිනමින් ලබාදීමට රුපියල් පන්දහසක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන පුද්ගලික රියදුරු පුහුණු ආයතන හිමිකරු ලබන 18 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියෝග කළේය. 04 September 2024
තැපැල් ඡන්දයට ලොකු උනන්දුවක් මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද (04) සිට ඇරඹුණු බව මැතිවරණ කොමිෂන් සභාව කියයි. 04 September 2024
හොඳ පොල්තෙල් හොයන්න පොල් සංවර්ධන අධිකාරියට බලය දෙයි මෙරට හා ආනයනික පොල්තෙල් සහ අනෙකුත් ඛාද්‍ය තෙල් නිෂ්පාදන නියාමන බලතල පොල් සංවර්ධන අධිකාරියට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. 04 September 2024
මිලියන 75 ක දුම්වැටි විනාශයට නීති විරෝධී අන්දමින් මෙරටට ගෙන එමින් තිබිය දී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජ සන්තක කරන ලද රුපියල් මිලියන හැත්තෑ පහක් පමණ වටිනා මිලියන තුනක් පමණ වූ දුම් වැටි තොගයක් විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්කොල සමාගම වෙත භාර කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරයි 04 September 2024
ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී ඕස්ට්‍රේලියාවේ අට හැවිරිදි බිලී කැම්බල් නම් පිරිමි දරුවකු තමා පසුගිය ආත්මයේදී බ්‍රිතාන්‍යයේ රාජකීය පවුලේ ඩයනා කුමරිය බවට පවසන්නේ යැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 04 September 2024
විටින් විට තැනින් තැන වැස්ස බස්නාහිර, සබරගමුවසහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්‍රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 04 September 2024
‘‘සජිත්ට දිනන්න බෑ රට ඉල්ලන වෙනස කරන්නේ මා පමණයි‘‘ රට ඉල්ලන වෙනස කරන්නට හැක්කේ ’’පුළුවන් ශ්‍රී ලංකා’’ ප්‍රතිපත්තියට පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැල්මඩුල්ලේදී පැවසීය. 04 September 2024
‘‘එදා ගෝඨාගේ ජයග්‍රහණයේ කුමන්ත්‍රණකරු රනිල්‘‘ පසුගිය ජනාධිපතිවරණයේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා තම කණ්ඩායමේ සිට රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කුමන්ත්‍රණයක් සිදුකළ බවත් ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයේ මහ මොළකරු රනිල් වික්‍රමසිංහ බවත් සමඟි ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 04 September 2024
ආදායම් පරීක්ෂකවරු අල්ලස් දැලේ කරච්චි ප්‍රාදේශීය සභාවේ ආදායම් පරීක්ෂකවරු දෙදෙනකු රුපියල් 60000/= ක අල්ලස් මුදලක් ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි. 04 September 2024
රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා මූලික අයිතිවාසිකම කඩලා නියමිත අවස්ථාවේදී රජය නියමිත තීරණ නොගැනීමෙන් මහජනතාවට බාධාවන් මෙන්ම අසාධාරණ වන බව සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට්‍රර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලේඛන සහකරුවන් දෙවැනි ශ්‍රේණියට උසස් කිරීමේ විභාගය නොපැවැත්වීමෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් සමාන ලෙස සැලකීමේ මූලික අයිතිවාසිකම කඩකර ඇතැයි අද (03) තීන්දු කළේය. 03 September 2024
සල්ලි අරන් නඩුවලට පෙනී නොසිටි නීතිඥයාගේ කෝටි ගලවයි හිමි නමකගෙන් ඉඩම් නඩු දෙකකට පෙනී සිටීම සඳහා රුපියල් ලක්ෂ 44 ක ගාස්තුවක් ලබාගෙන නඩුවලට පෙනී නොසිටීමෙන් නීතිඥවරයා, නීතිඥවරයකුට නුසුදුසු ආකාරයට හැසිරී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නීතීඥ සරත් ඩබ්ලිව් ද සිල්වා මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපා හැරීමට අද (03) නියෝග කළේය. 03 September 2024
මැතිවරණ නීති කැඩුවාට හේතු දක්වන්නැයි ලක්ෂ්මන් යාපාට ලිපියක් දකුණු පළාතේ ආයතන සභාපතිවරුන් දෙදෙනෙකු මැතිවරණ නීති උල්ලංඝනය කරමින් එම තනතුරු වලින් ඉවත් කර ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති හෙයින් එසේ ඉවත් කිරීමට හේතු දක්වමින් වාර්තාවක් වහාම ලබා දෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට ලිපියක් යවා ඇත. 03 September 2024
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද සවස පැවැත්විණි. 03 September 2024
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නඩු බඩු ගබඩාව පිරික්සයි විවිධ මත්ද්‍රව්‍යයන් ගබඩා කර ඇති කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ගබඩාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පුද්ගලිකවම පරීක්ෂාවට ලක් කළේය. 03 September 2024
කළුතරට ගංවතුර අනතුරු ඇගවීම් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ හදිසි ගංවතුර අවදානමක් මතු විය හැකි බව ආපද කළමනාකරණ ඒකකය සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ජනතාවට අනතුරු අගවති. 03 September 2024
ත්‍රිවිධ හමුදා මූලික වැටුප් වැඩි කරයි 2025 වසරේ ජනවාරි මස 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා ඉහළ නැංවීම සඳහා වූ නිර්දේශ ඇතුළත් ජනාධිපති විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනුව ත්‍රිවිධ හමුදාවල සේවය කරනු ලබන සාමාජිකයින්ගේ ද මූලික වැටුප් වැඩි වන බව ජනාධිපති කාර්යාලය පවසයි . 03 September 2024
ජාන සොරකමේ ගිය ඉතාලි ජාතික පිය-පුතුට කෝටි 6ක දඩයක් යාල ජාතික වනෝද්‍යානය ආසන්න රක්ෂිත ප්‍රදේශයක බට් කූරන් ඇතුළු කෘමි සතුන් අල්ලා ඉතාලියට රැගෙන යාමට තැත් කළ ඉතාලි ජාතික පිය පුතු යුවළක් වැරදිකරු කරමින් රුපියල් හය කෝටි එක් ලක්ෂ අසූ දහසක දඩ මුදලක් ගෙවන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර ද සිල්වා මහතා අද(03) නියම කළේය. 03 September 2024
දිවා ආහාර සංග්‍රහයකට මැකෝ හරස්වෙයි විවිධ ප්‍රදේශවල සිටින ව්‍යාපාරිකයන් පිරිසක් මහනුවර තරු හෝටලයක දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු හමුවී සාකච්ඡාවක් පවත්වන අතරතුර ඔවුන්ට දිවා ආහාරය ලබාදීමට සැලසුම් කොට තිබියදී එය වැළැක්වීමට මහනුවර මැතිවරණ කාර්යාලයේ නිරීක්ෂණ නිලධාරීන් පිරිසක් කටයුතු කොට තිබේ . 03 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026