IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක්

(අංජුල මහික වීරරත්න)

මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙන යන ඇලමාර්ග කඩිනමින් ඉදිකරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාලන සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් රජයෙන් ඉල්ලා සිටී.

එමගින් වයඹ  සහ අනුරාධපුර කෘෂිකර්මාන්තය දියුණු කිරීමට හැකියාව ලැබෙන බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කරයි.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවිතැන් හා දේපල විනාශ වන ආකාරයට අධික වර්ෂාව නිසා පොදු මහජනතාවට විශාල පීඩාවක් සහ අලාභ හානි සිදුවී ඇත. මෙයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ මොරගහකන්ද සහ කළුගඟ ජලාශ වලින් එකතු වන ජලය පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහ මිනිපේ ජලාශයට  පමණක් ගලායන බැවිනි.

 2019 වර්ෂය වන විට මා විසින් අනුරාධපුරයට සහ වයඹට මොරගහකන්දෙන්  යන ජලයට කි.මී. 15 ක් 20 ක් පමණ ඇලමාර්ග ඉදිවෙමින් පැවැතුනි. එහෙත් 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වයඹ සහ අනුරාධපුරයට යන ඇලමාර්ග ඉදිකිරිම් එවකට පැවැති ආණ්ඩුවලින් ක්‍රියාත්මක වුයේ නැත.  එම කටයුතු සම්පුර්ණයෙන්ම ඇනහිට තිබුණි. 2019 වර්ෂයේ සිට 2024 වර්ෂය වනවිට  වයඹට සහ අනුරාධපුරයට යන විශාල ඇල මාර්ග කපා තිබුනේනම් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත.                                                                                                                               

 මේ පිළිබඳව වර්තමාන රජයේ අවධානය යොමු කර අනුරාධපුරයට සහ වයඹ පලාතට  ජලය ගෙනයන ඇලමාර්ග ඉදිකිරීම් ආරම්භ කළහොත් පොළොන්නරුවට මෙවැනි විනාශයක් වන්නේ නැත. දැනට පොළොන්නරුවට යන මොරගහකන්ද  හා කළුගඟේ ජලය මහවැලි ගංඟාවට වැටී මහමුහුදට විශාල ජලප්‍රමාණයක් ගලාබසියි. වයඹ පලාතට සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෘෂිකර්මාන්තයෙන් දියුණු කිරීමට ඇති ජලය මොරගහකන්දෙන්   අපතේ නොගොස් කඩිනමින් අනුරාධපුරයට හා වයඹට යන ඇලමාර්ග ඉදිකිරීමට කටයුතු කරන ලෙසට වර්තමාන රජය‍ෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.



අදහස් (11)

මෛත්‍රීගෙන් ආණ්ඩුවට ලියුමක්

පොඩිඑකා Tuesday, 28 January 2025 12:29 PM

හිටපු උන්දැල මහ ඇණයක් වෙලානෙ දැං..!

:       16       10

Nandasena Tuesday, 28 January 2025 03:44 PM

පොඩිඑකෝ උඹ තවමත් මොන්ටිසෝරියට ගියේ නැද්ද බං දැන් 2025 වර්ෂයට මොන්ටිසෝරි ආරම්භ කරල ටික දිනක් වෙනවා ඉක්මණින්ම පලයං මම එහෙම කිව්වෙ 1948 නිදහස ලැබුනාට පස්සෙ ආණ්ඩු මාරුවුනු හැම වෙලාවෙම කලේ රටට කොතරම් ප්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වුන ඊළගට පත්වෙන ආණ්ඩුවේ එවුන් ඒවා නොසලකා හැරීම තමයි

:       6       8

පොඩිඑකාTuesday, 28 January 2025 04:32 PM

අනේ නන්දේ අයියා, මම මොන්ටිසෝරියක් හොයාගෙන යන්නං, ඔයා කියන්නකෝ මේ උන්දෑ ඉන්දැද්දී කරපු දේවල්, මහ බැංකුව කැඩීමට අමතරව…!

:       0       0

Dudley Sirisena Tuesday, 28 January 2025 12:36 PM

වාරිමාර්ග ප්‍රමාණයද ඇතුළුව විස්තීරණ අරමුණක් ලෙස ව්‍යාපෘතිය නිම කිරීමට ඔහුට කාලානුරූප සැලැස්මක් තිබිය යුතුය!!. ඔහු නැවතත් ජනාධිපති ධූරයට පැමිණීමට බොහෝ බලාපොරොත්තු තබා ගන්නට ඇත!!! අවාසනාව!!!!

:       4       5

Chamila Fernando Tuesday, 28 January 2025 12:42 PM

අගය කළ හැකි දෙයක්. රටක් දියුණු කරන්න නම් කළ යුතුම දෙය මේකයි. කලේ කවුද? කරන්නේ කවුද? කියලා ලකුණු දැමීමට වඩා, රටට සහ ජනතාවට සහනයක්, සේවයක් වෙන දෙකට හැමෝම එක්වෙලා උදව් කරනවා නම්, රට දිනනවා අනිවාර්යෙන්ම.

:       1       21

චතුරි Tuesday, 28 January 2025 09:16 PM

චමිලා ඔයා ඉපදුනේ 2007 වගේ වෙන්න ඇති .මීට කලින් රට කරපු ගොබ්බයෝ කාලේ ඔයා හිටියානම් ඔය ටික ලියලා කර ගන්න තිබුනා .උන් කෙරුවෙ රට බන්කොලොත් කරපු එක . මේ විදියට උන් කරපු හොරකම් පුවත් වලින් දැනුම් දෙනකොට කිසි කෙනෙක් ට උවමනාවක් නැහැ උන් හිතුවට හොරා කෑවා .දැන් ජනාදිපති වයසෙන් බාලයි .නමුත් නාකින් ගෙ මල පෙරේත ජඩ වැඩ මේ තරුන නායකට ගෑවිලාවත් නැහැ. ඒකට අගේ කරන්න මේ කොහෙවත් ඉන්න මිනිමරු පබයා දැන් වේල්ල හදන්න මතක් වෙලා තියෙන්නෙ. ඔවුන්ව සුනාමි ආවා වගෙ ගහ ගෙනම යන්න ඉඩ තියන්න ඕන. මාලීමාවේ ඉන්නෙ රටට ජනතාවට ආදරේ කරන නායකයින් පිරිසක් ඒ අයට වැඩ කියන්න කිසි කෙනෙක් අවශ්‍ය නැහැ තමන්ගෙ වැඩක් බලන් හොරා කාපු ෆයිල් ලැස්ති කරන් ඉන්න කියන්න

:       0       0

යෝගා Tuesday, 28 January 2025 01:30 PM

සමූපකාර ජන්දයෙන් අපිට කෙලවේගෙන යන මේ අස්සේ ඕවා කරන්න අපිට වෙලාවක් නෑ. අපි රාජපක්ෂ දඩයමේ - මීට පචෝරිස්.

:       17       13

රනේ Tuesday, 28 January 2025 02:07 PM

මොරගහල මක්කටෙයි දැං?

:       9       3

පිටිගල මිලානෝ Tuesday, 28 January 2025 02:20 PM

ලොකු ලොකු වැඩ ආණ්ඩුව බලාගනියි…. ඔයාට දැන් තියෙන්නේ දැනට අපේ සල්ලි වලින් නඩත්තු වන පිං ගෙදරින් යන්න….

:       12       11

fairoos Tuesday, 28 January 2025 05:39 PM

සිරස්තල දැකලා මන් හිතුවේ ආණ්ඩුවෙන් දීපු ගෙදරින් යන්න බැහැ කියලා. ලියුමක් ලියාලා කියලා..අනේ හිටන් නිකං විහිලු සපයන් නැතුව ඉන්න.

:       0       0

චතුරි Tuesday, 28 January 2025 06:03 PM

පෙන්දයියා ත් ආපා බලෙන් බලය ගත්තා නේද. ඇයි ඔබට කරන්න බැරිවුනේ .පක්ශෙ රැක ගන්න ආවේ රටට වැඩක් කෙරුවේ නැහැ .මහින්දයට බයේ අගමැති කරන්නත් ගියා. මෝඩම මී හරකෙක්. දැන් එනවා ගුරාට උගන්වන්න. අනුර ජනපති. උබලගෙ වයසින් බාගයක්වත් නැහැ. තරුනයි. නමුත් බලතන්හාව ,මුදලට කිසිම ගිජු කමක් නැහැ තොපි සේරම නාකී පෙන්දෝ .ආවේ හොරාකලා රටේ ජනතාවත් මරලා මුදල් ගන්න. උබලට තිබුනේ ඒ ආසාව. රජයේ නිවස ඒක බාරදීලා මහලු මඩමට යන්න මහින්දත් එක්කන් .අනුරගෙ කකුල් සෝදලා ඒ වතුර බොන්න .උබලා හොරුන්ගෙ සපත්තු ලෙව කෑවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 94 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 750 3

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 9 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 204 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


කොස්ගොඩ පොලිසිය ඇල්ලූ තරුණයා හදිසියේ මරුට
2025 මැයි මස 02 1124 1

මත් ද්‍රව්‍ය සන්තකයේ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසිය අත් අඩංගුවට ගත් තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අ


’’සංක්‍රමණ’’ ජාත්‍යන්තර සංවිධානයෙන් ලංකාවට අත-හිත
2025 මැයි මස 02 231 0

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධාන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 465 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 118 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1143 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site