IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වගා හානි වන්දිය බ්‍රහස්පතින්දා ගෙවයි

(අංජුල මහික වීරරත්න)

නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුර හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි මුදල් ගෙවීම බ්‍රහස්පතින්දා(30) සිට අරඹන බව කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය පවසයි.

 පොලොන්නරුව, මුලතිව්, වවුනියාව, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල වගා හානි සඳහා  වන්දි ගෙවීම් මුලින්  ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.

ඒ අනුව මෙම දිස්ත්‍රික්ක වලින් වගා හානි සිදුවී යැයි  නිර්දේශිත අක්කර 13379.96 ක ගොවීන්  6234 සඳහා රුපියල් මිලියන 166.7 කට ආසන්න මුදලක් වන්දි මුදල් වශයෙන් නිදහස් කරන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.

වන්දි මුදල් ලැබීමට සුදුසු ගොවීන්ගේ නාම ලේඛන ප්‍රාදේශීය ගොවිජන සේවා නිලධාරියාගේ නිර්දේශ සහිතව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට ලැබීමෙන් පසුව අදාල වන්දි මුදල් නිදහස් කෙරෙයි. 

මෙම වන්දි මුදල් ගොවි ගිණුම් වලට බැර කරන බවද ගොවි ජන රක්ෂණ මණ්ඩලය කියයි.

 



අදහස් (0)

වගා හානි වන්දිය බ්‍රහස්පතින්දා ගෙවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site