ඡන්ද වැඩට රජයේ තානායම් තහනම් රජය සහ රාජ්‍ය ආයතන සතු සංචාරක නිවාස, තානායම් සහ නිවාඩු නිකේතන යනාදිය මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදී සිටින කිසිදු දේශපාලඥයකුට නිලධාරියකුට හෝ වෙනත් පුද්ගලයකුට ඡන්ද කාලයේදී දීමෙන් වළකින ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලුම ආයතන ප්‍රධානීන්ට විශේෂ නිවේදනයක් යවමින් දැනුම් දී ඇත. 03 September 2024
බොරු වාර්තා දෙන ජනපති අපේක්ෂකයන්ගේ ප්‍රජා අයිතිය වසර 3ක් අහෝසියි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු එක් ඡන්ද දායකයකු වෙනුවෙන් වියදම් කළ හැකි මුදලට වඩා වැඩියෙන් වියදම් කර ඇති බවට අධිකරණ විභාගයකින් පැහැදිලි තොරතුරු අනාවරණය වුවහොත් අදාළ ඡන්ද අපේක්ෂකයාගේ ප්‍රජා අයිතිය වසර තුනකට අහෝසි වන බව මැතිවරණ කොමිසම් සභාව පවසයි. 03 September 2024
කතරගම දේවාලයෙන් හැදූ අපෙක්ෂා රෝහලේ ළමා වාට්ටුව ජනතා අයිතියට ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය මඟින් ඉදිකළ මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටු සංකීර්ණය අද (03) ෙපෙරවරුවේ විවෘත කෙරිණ. 03 September 2024
පාස්පෝට් පෝලිම තවත් දිගුවෙයි විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාල ඉදිරිපිට දිගු ජනතා පෝලිමක් අද (3) දිනයේ ද දැකගත හැකිවිය. 03 September 2024
ධිවර යාත්‍රාව නැවක හැපි 3ක් අතුරුදහන්: 4ක් බේරා ගැනෙයි ගාල්ල ධිවර වරායෙන් මුහුදු ගිය බහුදින යාත්‍රාවක් නැවක හැපි පෙරලි අද (03) අලුයම අනතුරට ලක්ව ධිවරයින් තිදෙනෙකු අතුරුදහන්ව ඇතැයි වරාය පොලිසිය පවසයි. 03 September 2024
ගුරුවරුන් 7500කට රොබෝලා හදන්න උගන්වයි රොබෝ තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය පිළිබඳව ගුරුවරුන් 7,500ක් පුහුණු කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
සියලු වගා ණය කපා හරියි ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. 03 September 2024
බිරිය ගෙන්වා දෙන්නැයි සැමියා ගහක නැගලා සිය බිරිද වෙනත් පුද්ගලයෙකු සමඟ පැවති සමීප සබඳතාවක් මුල් කර ගනිමින් තමන් අතහැර ගොස් ඇති බව පවසා පුද්ගලයෙකු අද (03) වවුනියාව මුලස්ථාන පොලීසිය ඉදිරිපිට ගසකට නැගී විරෝධතාවයක නිරත විය. 03 September 2024
ලංකාව - ඔස්ට්‍රියාව බදු ගැන ගිවිසුමකට අත්සන් කරන්න යයි ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ රාජ්‍ය මූල්‍ය පැහැර හැරීම හා මග හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඔස්ට්‍රියානු රජය අතර වන සම්මුතිය අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
ජගත් විපක්ෂයේ අසුන් ගනියි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද (3) විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව විපක්ෂයේ අසුන් ගත්තේය. 03 September 2024
අපට ගුවන් ඉන්ධන දෙන්න පිට ගුවන්තොටුපළ 4කට කොන්ත්‍රාත්තු සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම සඳහා ගුවන්යානා ඉන්ධන සැපයීමේ කොන්ත්‍රාත්තු පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
ලංකාවේ තැන් 20ක සූර්ය බලාගාර හදයි මෙගාවොට් 1 සිට 5 දක්වා වන ධාරිතාවන්ගෙන් යුත් මෙගාවොට් 165 ක මුළු ධාරිතාවකින් සමන්විත භූමිය මත ඉදිකෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටීයතා විදුලි බලාගාර ස්ථාපනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
පුද්ගලයන් ලියාපදිංචි කරන අලුත් පනත පාර්ලිමේන්තුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 03 September 2024
බඹරු ඇන 6ක් රෝහලේ නල්ලතන්නිය , ලක්ෂපාන තේ වතුයායේ, හැමිල්ටන් කොටසේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (03) එල්ල වු බඹර ප්‍රහාරයකින් කාන්තාවන් 06 දෙනෙක් තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය කියයි. 03 September 2024
කුකුළේ ගඟ වාන් දොරටු දෙකක් අරී පවත්නා වර්ෂාවත් සමඟ කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි. 03 September 2024
ඉරාකයේ අයි.එස්. තර්ජන අවසන් අයි.එස්.අයි.එස්. හෙවත් අයි.එස්. ත්‍රස්ත සංවිධානය තව දුරටත් ඉරාකයට තර්ජනයක් නොවන බව, ඉරාක අග්‍රාමාත්‍ය මොහොමද් ෂියා අල් සුඩානී පවසයි. 03 September 2024
අරගලකරුවෝ හසීනා ආපසු ඉල්ලන්න සූදානම් හිටපු අගමැතිනී ෂෙයික් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරනවාද නැද්ද යන්න තීරණය කිරීමේ අයිතිය ඉන්දීය රජය සතු බවත් හසීනා බංග්ලාදේශයට පිටුවහල් කරන ලෙස අන්තර්වාර රජය ඉන්දියාවෙන් ඉල්ලීමක් කිරීමට ඉඩ තිබෙන බවත් එරට විදේශ කටයුතු උපදේශක එම්.ඩී තවුහිද් හොසේන් මහතා ප්‍රකාශ කළේය. 03 September 2024
කාටුකුලියන්කුලම ඝාතනයට දෙකක් සැකපිට පරසන්ගස්වැව,කාටුකුලියන්කුලම ප්‍රදේශයේ නිවසකදි දෙපිරිසක් අතර ඇතිවු ආරාවුලකදි තියුණු ආයුධයකින් පහරදි 37 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු අද (03) අත්අඩංගුවට ගත්බව පරසන්ගස්වැව පොලිසිය කියයි. 03 September 2024
‘සම්බුද්ධ ශාසනයේ චිරස්ථතියට කටයුතු කරනවා‘ ’’මිහින්තලා ප්රකාශනයේ’’ සඳහන් වන ආකාරයට විහාර ගම් දේවාල පනත යළි සකස් කිරීම සඳහා මහා සංඝරත්නය, විශේෂඥයින්, ප්‍රවීණයන් සියලු කොටස්කරුවන් ඇතුළු සියළු පාර්ශව කරුවන් සමග සාකච්ඡා කොට සම්බුද්ධ ශාසනයේ චිරස්ථතිය උදෙසා අති මහත් බහුතරයකගේ එකඟතාවයෙන් යුතුව කටයුතු කරන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 03 September 2024
සජබෙ දෙමළ ඡන්ද හොරකමේ ගිහින් එවේලේම අසු වුණා සමගි ජන බලවේගය දෙමළ පක්ෂ වලින් ඡන්දය හොරකම් කරන්නට ගොස් ඒ මොහොතේම හොරකම අසු වූ බැවින් ඔවුන්ට දැන් යාපනයටවත් යන්න බැරි තත්ත්වයක් ඇතිවී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 03 September 2024
ප්‍රාණඇපකරුවන් මියයෑම: නෙදන්යාහු සමාව ඉල්ලයි හමාස් ග්‍රහණයේ සිටි ප්‍රාණඇපකරුවන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඒ සම්බන්ධයෙන් තමන්ට සමාව දෙන්නැයි ඊශ්‍රායල වැසියන්ගෙන් ඉල්ලීමක් කළේය. 03 September 2024
වන අලි ගැටලුවට විසඳුම් ඉල්ලා මිනියක් රැගෙන ගැමියෝ පාරට වව්නියාව මහකච්චිකොඩිය ප්‍රදේශයේදී ගෙවී ගිය සතියක කාලය තුලදී වනඅලි පහරදීම හේතුවෙන් මරණ දෙකක් සිදුවීම හේතුවෙන් ආරක්ෂාව ඉල්ලා මහකච්චකොඩිය ගම්වාසීන් විරෝධතාවක නිරත වූහ. 03 September 2024
‘‘පාලකයාගේ වුවමනාවයි ජනතාවගෙ වුවමනාවයි දෙකක්‘‘ ජනතාවට තිබුණා වංචනිකයන්ට, දුෂිතයන්ට දඩුවම් දීමේ වුවමනාව. හැබැයි පාලකයන්ට ඒ වුවමනාව තිබුණෙ නැහැ. අපේ රටේ ජනතාවගේ වුවමනාවයි මෙතෙක් ගොඩනැගුණු පාලකයාගේ වුමනාවයි දෙකක්. 03 September 2024
පාප්තුමා ඉන්දුනීසියාවට ආසියානු සංචාරයක් ආරම්භ කළ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. 03 September 2024
අනතුරින් එකම පවුලේ තුනක් රෝහලේ බදුල්ල මහ රෝහලේ සායනයකට ගොස් ආපසු එමින් සිටි පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් බදුල්ල මහියංගණ මාර්ගයේ දොළොස්වන සැතපුම් කණුව ආසන්නයේදී ඉදිරියෙන් පැමිණි බස් රථයක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් ගත් එකම පවුලක සැමියා බිරිය සහ ලේලිය බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි පොලීසිය කියයි. 03 September 2024
රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයා ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 03 September 2024
කරුණාරත්න පරණවිතාන දිවුරුම් දෙයි සමග ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ තලතා අතු කොරල මහත්මිය ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරය සඳහා පත් කෙරුණු හිටපු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ දිවුරුම් දුන්නේය. 03 September 2024
ලොරියක් ඩෙවොන් ඇලට පෙරැලෙයි තලවකැලේ සිට හැටන් කොටගල දක්වා ධාවනය කරමින් තිබු ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩොවොන් දිය ඇල්ලට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා ඩොවොන් ඇළ මාර්ගයට පෙරලිමෙන් ලොරි රථයේ රියදුරා රෝහල්ගත කර ඇතැයි පොලීසිය කියයි. 03 September 2024
ව්‍යාපාරික පන්තියෙන් ප්‍රංශයට යන්න හැදූ තරුණයා මාට්ටු කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ පළමු වරට , ගුවන් තොටුපොළ ව්‍යාපාරික පංතියේ පහසුකම් භාවිතා කර ප්‍රංශය වෙත පළා යාමට තැත් කළ තරුණයෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 03 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026