IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි

(ඩී.ජී.සුගතපාල)

බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අද (27) සවස අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවත් පසුව එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් හමුවි ඇති බවත් දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ පිටුපස තණකොල කපන උපකරණයක් සවිකරගෙන තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇත.

අක්කර පහක් පමණ විශාල ඉඩම වසරකට පමණ පසු සුද්ධ කරමින් සිටියදි බෝම්බය පුපුරාගොස් ඇති අතර එහිදි ට්‍රක්ටරයේ රියදුරුට තුවාල සිදුව නැත. පසුව කරණ ලද සෝදිසියකදි ඒ ආසන්නයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබේ.

බෙලිඅත්ත පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇති බවත් මෙම විහාරස්ථානය පාලු ප්‍රදේශයක පිහිටා ඇති බවත් පොලිසිය පවසයි.



අදහස් (7)

බෙලිඅත්තේ විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි

Gagana Monday, 27 January 2025 11:02 PM

දැන් මේකේ හෝදන අය අත් බෝම්බෙත් මහින්දගේ එකක් කියයි

:       4       3

Perera Tuesday, 28 January 2025 12:29 AM

ත්‍රස්තවාදින් රට පුරා, අරය කොහොමද ආරක්ෂකයන් 60ක් එක්ක ගමේ ගිහින් ඉන්නේ නේද ?????

:       3       4

සොරිසේන Tuesday, 28 January 2025 08:00 AM

බුදාම්බෝ!!!!! මෙන්න මයින්ද මාතියාට ගහන්න බෝම්බ ගෙනල්ලෝ!!!! රට ජාතිය බේරගනියෝ!!!! ඔක්කොටම ඉස්සර පොඩි මයිනෝ ටික බේරගනියෝ!!!!!

:       4       9

උපාසක Tuesday, 28 January 2025 08:11 AM

කවුද යකෝ පන්සලට ජීව බෝම්බ පුජා කොරපු එකා..

:       0       9

Pradeep Kumara Tuesday, 28 January 2025 09:06 AM

බෙලිඅත්ත කොහොමත් හොරුන්ට අපරාධකාරයින්ට ප්‍රසිද්ධ පැත්තක් නේ. මේකත් ඒ කාගේ හරි වෙන්න ඇති

:       3       3

Nandalal de Silva - France Tuesday, 28 January 2025 04:13 PM

AKD රජය මැදමූලන මයිනා ගෙ ඇගෙ මයිල් ගානට හිටපු, බල්ලන් බලාගත්, වත්ත උදළු ගාපු, වාහන හොදපු, "ඊනියා ආරක්ෂක භටයන්" අඩුකරාට පස්සෙ, (ප) රාජපක්ෂ පවුල් සංස්ථාව මැදමූලන ඉලව්වෙ කරපු රහස් සාකච්ඡාවක ප්‍රථිපලයකි, මෙම චූටි රතිඤ්ඤා කරල. ඕවට රැවටෙන බයියො ඉන්නේ මැදමූලන පැත්තේම තමා ...

:       0       0

Asanka sadun Saturday, 01 February 2025 12:42 AM

මේ ආණ්ඩුව බලයට අවා විතරයි පාතාලේ ඉන්නේ උඩින් 88/ 89 වගේ වෙන්න වගේ යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site