IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


වැඩි මිලට සහල් වික්කාට ලක්‍ෂ 10ක දඩයක්

(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)

දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්‍ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.

එම සුපිරි වෙළඳසැල දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මහර අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව මෙම දඩය පැන වූ බවත්  සහල් වැඩි මිලට අලෙවි කරන වෙලදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් නියම කර ඇති බවත් එම අධිකාරිය පවසයි.

සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල වැටලීම් 140 කට වැඩි ප්‍රමාණයක් කර ඇති අතර තවදුරටත් එම වැටලීමි දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරට සඳහන්න් කරයි. 



අදහස් (5)

වැඩි මිලට සහල් වික්කාට ලක්‍ෂ 10ක දඩයක්

නිදහස් බුවා.... Monday, 27 January 2025 10:03 PM

තණමල්විල බලහරුව පැත්තේ කුඩා වීමෝල් හිමියන් 285 ට රතු කැකුළු විකුනනවා. ඒ පැතිවල් ඉන්න දුප්පත් තමන්ගෙම එවුන්ව හූරන් කනවා. පාරිභෝගික අධිකාරිය ගමටත් යන්න ඕනේ. ක්ෂණික වැටලීම් වැඩි කරන්න ඕනේ. වැඩි හරියක් හාල් හංගලා තියෙන්නේ මහා පරිමාණ මෝල් වල , කඩවල නෙවෙයි, පොඩි මෝල් ගොඩක ... පොඩි කඩ ගොඩක... ආණ්ඩුවට බැණ බැණ ගිණි ගණන් වලට විකුනනවා

:       0       18

sakra Tuesday, 28 January 2025 08:05 AM

වෙළෙන්දෝ දැනගන්න ඕන තමන්ට ප්‍රමාණවත් ලාභයක් නැතිනම් තමන්ගේ කඩයේ සහල් විකුනන්නේ නැතිව ඉන්න .

:       0       23

Jayathilake J Tuesday, 28 January 2025 10:54 AM

කළුතර දොඩන්ගොඩ සේන සුපර් සිටි එකේ සහල් පාලන මිලට වඩා වැඩි මිලට විකුණ අතර සහල් දමා දෙන සිලි උරයටත් මුදලක් අයකරනවා.. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුයි

:       0       3

Kamal Koyrala Tuesday, 28 January 2025 12:05 PM

අවුරුදු 2500 කට වඩා ඉතිහාසයක් ඇතැයි කියන මහ ජාතිය, ජාතියම සූරන් කන සහ කාපු හැටි තමා මේ දවස්වල පේන්නේ.

:       0       0

Sarath Tuesday, 28 January 2025 12:56 PM

ඔය විදිහටම ගම්පහ, යක්කල, මිරිස්වත්ත ,බැලුම්මහර පැත්තත් බලන්නකෝ

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1605 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site