IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තලංගම  තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචි දිවයිනේ ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවළකට ඩුබායි රාජ්‍යයේ සිට හා මෙරට සිට දුරකතන ඇමතුම් ලබා දෙමින් මරණ තර්ජන සිදු කරමින් රුපියල් ලක්ෂ 50 ක කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කළ     සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු  අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාශ අපරාධ මර්දන මෙහෙයුම් ඒකකය පවසයි.

එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය  මිලිග්‍රෑම් 7100 ක් පොලිස් භාරයට ගෙන ඇත

 ව්‍යාපාරිකයාට දුරකථන ඇමතුම් ලබාදී බිය වැද්දීම හේතුවෙන් විශාල කම්පනයකට හා භීතියකට පත්ව සිටි ඔහු  වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීම සඳහා නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට භාරදීමෙන් පසු පොලිස් අධිකාරීවරයාගේ නියෝග මත පරීක්ෂණ ආරම්භ කළ නුගේගොඩ කොට්ඨාශය අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන ඇත

ඒ අනුව දුරකථන විශ්ලේෂණ වාර්තා කැඳවා මෙරට දුරකථන අංකයක් හඳුනා ගැනීමෙන් පසු සිදුකළ දීර්ඝ විමර්ශනයේදී පන්නල ප්‍රදේශයේ සිට දුරකථන ඇමතුම් ලබාදුන්  සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

 

 



අදහස් (0)

ව්‍යාපාරික යුවළ බිය ගන්වා ලක්ෂ 50 ක කප්පම් ඉල්ලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site