IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම්

(අංජුල මහික වීරරත්න)

වැඩි මිලට සහල් විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගැනීම සඳහා පාරිභෝගික සේවා අධිකාරියට රාත්‍රී කාලයේ වැටලීම් කරන ලෙසට දැනුම් දුන් බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් සවස  පහෙන් පසු වැටලීම් වලට නොඑන නිසා කූඨ වෙළෙඳුන් සවස පහෙන් පසුව පමණක් සහල් විකුණන බවට ලැබුණු තොරතුරු වලට අනුව මෙම පියවර ගත් බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.

නීතිය ඉතා තදින් ක්‍රියාත්මක කර ගොවියා සහ පාරිභෝගිකයා ආරක්ෂා කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉදිරියේදී පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් තවත් වේගවත් කරන අතර පාලන මිලෙන් එහාට සහල් විකුණන්න කිසිසේත් ඉඩ දෙන්නේ නැතැයි ද සහල් පාලන මිල කිසි ලෙසකින් වැඩි කරන්නේ නැතැයි ද නියෝජ්‍ය  අමාත්‍යවරයා සඳහන් කළේය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ  අද (27) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (2)

හොර හාල් වෙළෙඳුන් අල්ලන්න රෑටත් මෙහෙයුම්

karolis Monday, 27 January 2025 05:45 PM

පුළුවන් කියලා හිතුවාට බෑ නේද 2/3 තිබිලත්?

:       5       8

casmir Tuesday, 28 January 2025 10:31 AM

පාරේ කෑගහන එක තරම් ලෙසි නේද වගකීමක් අරන් වැඩ කරන එක. මේ මිනිස්සුන්ට හරියන්නේ වැඩවර්ජන , උද්ගෝෂණ විත්රමය් . කිසිම මනුස්සෙයෙකුට රට ඉස්සරහට ගන්ඩ දුන්නේ නැහැ , පුද්ගලික කරණය කරන්ඩ දුන්නෙම නැහැ , දැන් මුන් ඔක්කොම කරනවා , සුපිරිම කාලකන්නි සෙට් එකක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site