IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි

(මනෝප්‍රිය ගුණසේකර)

හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා රිමන්ඩ් බාරයට පත් කළ විනිසුරු මඩුල්ල හමුවටම ඔහුගේ ඇප ඉල්ලීම ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම හෙට (28) දක්වා කල් තැබිණී.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවාව විදේශ සමාගම් දෙකකට දීමට ගත් තීරණය වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළ බවට චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආගමන හා විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතාට ඇප ලබාදෙන්නැයි ඉල්ලා සිටි අවස්ථාවේදී  එලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇප ඇයදුම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවීමට නියෝග කළේය.

අධිකරණ නියෝගය ක්‍රියාතමක නොකිරීමෙන් හිටපු ආගමන විගමන පාලකවරයා අධිකරණයට අපහාස කිරීම සහ ඊට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් වන එස්.තුරේරාජා, මහින්ද සමයවර්ධන සහ සම්පත් අබේකෝන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

හිටපු ආගමන විගමන පාලක හර්ෂ ඉලූක්පිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් ජේ්‍යෂ්ඨ පරිපාලන නිලධාරියකු වන සිය සේවාදායකයා මෙම සි්ද්ධියටට අදාළව මේ වන විට මාස හතරක කාලයක් රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හෙයින් ඔහුට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියේය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා රජයේ ඉහළ නිලධාරීන් සෑම විටම අධිකරණ නියෝග අනුව කටයුතු කළ යුතු බව පෙන්වා දුන්නේය.

වගඋතත්තරකරු වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරාල් විවේකා සිරිවර්ධන මහත්මිය කරුණු දක්මින් විද්‍යුත් වීසා නිකුත් කිරීමේ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව අධිකරණය දුන් නියෝග හතරකින් තුනක් ක්‍රියාත්මක කළ වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා එක් නියෝගයක් ක්‍රියාත්මක නොකළ අතර එම නියෝගය ක්‍රියාත්මක කිරීමට ඇති අපහසුතා සඳහන් කරමින් මෝසමක් ගොනු කර ඇතැයි කීවාය.

ඒ සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවූ අධිකරණය ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළ බවද අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පෙන්වා දුන්නාය.

පෙත්සම්කාර ජනාධිපති නීතීඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කරුණු දක්වමින් අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා කල් ඉල්ලා සිටි වගඋත්තරකාර ආගමන විගමන පාලකවරයා රිමාන්ඩ් භාරයට පත් කළ විගස එදින සිටම අදාළ නියෝගය ක්‍රියාත්මක කිරීමට හැකි බව ප්‍රකාශ කළේ යැයිද කෙසේ නමුත් හිටපු ආගමන විගමන පාලකවරයාට ඇප දීමට තමන්ගේ විරුද්ධත්වයක් නැතැයිද කීය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා මෙම පෙත්සම් සම්බන්ධයෙන් නඩුගොනු විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජික විනිසුරුවරුන්ට ලැබුණේ අද (27) පෙරවරුවේ  බැවින් එම නඩුගොනු අධ්‍යයනය කිරීමට කාලය ප්‍රමාණවත් නොවූ බව  සඳහන් කළේය.

එම තත්වය යටතේ මේ අවස්ථාවේදී ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට නොහැකි බව පෙන්වා දුන් සභාපති විනිසුරු එස්.තුරේරාජා මහතා කෙසේ වෙතත් මෙම රිමාන්ඩ් නියෝගය දුන් විනිසුරු මඩුල්ලම ඇප ඉල්ලීම  සලකා බැලීම වඩාත් සුදුසු බව පෙන්වා දෙමින් මෙම පෙත්සම් අනිද්දා (29) කැඳවීමට නියම කළේය.



අදහස් (1)

ඉලූක්පිටියගේ පෙත්සම හෙට දක්වා කල් තබයි

අයි.ජී.එල්.ජයවීර - අම්බලන්ගොඩ Monday, 27 January 2025 08:12 PM

මගේ නඩුවට අදාලව ගරැ අභියාචනාධිකරණය දීපු නියෝගය දකුණු පළාත් ආණඩුකාරවරයා ඇතුලු වගඋත්තරකරැවන් තවම කියාත්මක කරල නැහැ.දැන් අවුරැදු 3 කටත් වැඩියි. මට සල්ලි නැහැ නඩු කියන්න.ඒත් මම ගරැ අගවිනිසුරැතුමියටත්,අධිකරණ සේවා කොමිෂන් සභාවටත් ලීවා. දෙනවානම් ඒ අයටත් දෙන්න ඕන මේ දඩුවමම තමයි.ඒකත් අධිකරණයට කරන අපහාසයක්.මේ වන විට මම ලිපි සිය ගණනක් ලියල තියෙනවා. කෝ අපිට කවුද පිහිට වෙන්නෙ. අපි අහිසංක පුරවැසියෝ.මම ජනාධිපතිතුමාටත් ගරැ අගමැතිනියටත් ලීවා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site