IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පෙම්වතියගේ පිහි පහරින් පෙම්වතා මරුට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ගයාන් සූරිය ආරච්චි)

අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් මත පෙම්වතිය විසින් පෙම්වතාගේ පපු ප්‍රදේශයට පිහියෙන් ඇනීමෙන්  අනතුරුව  බරපතල තුවාල ලැබූ පෙම්වතා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව  වැල්ලවාය පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ නාවලපිටියෙ පදිංචි සුජිත් ප්‍රදීප් කුමාර (31) නැමැති  එක්දරු පියෙකි. මියගිය පුද්ගලයා විවාහක එක්දරු පියකු වන අතර  ඔහුගේ බිරිය විදෙස්ගතවී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ‍

මියගිය පුද්ගලයා සැකකාරිය සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර සැකකාරිය  වැල්ලවාය, කොටවෙහෙර ප්‍රදේශයේ  කුලී පදනම මත බෝඩිං කාමරයක රැඳී සිට ඇති බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා අවස්ථා කීපයකදීම පෙම්වතියගේ බෝඩිං කාමරයට ගොස් ඇති අතර සිද්ධිය වූ දින ඔහු බෝඩිං කාමරයට ගිය අවස්ථාවේදී  පෙම්වතිය අලුත් රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයකට පෙනී සිටීමට යන බව මියගිය පුද්ගලයාට පවසා ඇති බව  පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.

 



අදහස් (3)

පෙම්වතියගේ පිහි පහරින් පෙම්වතා මරුට

A Supporter of Women against manupulative men Tuesday, 28 January 2025 09:48 AM

මෙය ඉතා හොඳ ආරංචියකි. මෙතෙක් අපට අසන්නට ලැබුණේ කාන්තාව වින්දිතයා ලෙසය. මේ කාන්තාව මේස පෙරළීම හොඳයි.

:       5       16

Jayasekara Tuesday, 28 January 2025 10:00 AM

ගෑනු රට යවලා මෙහෙ නාඩගම් නටනවා .හොයලා බලන්නේ නැතුව යාලුවෙනවට හොඳ පාඩම් .දැන් හිරගෙදර තපින්න

:       0       18

Hashan sanjula nicholas Tuesday, 28 January 2025 02:09 PM

හොයලා බලලා සම්බන්දතා පටන්ගන්න ඕනේ දැන් කාගෙවත් මිනිහෙක් නිසා හිරේ ලගින්න වෙන්නේ ඔය කාන්තාව මෙහෙම මරපු එක හොදයි කියන හරක්ට තේරෙන්නේ නෑ මේ කෙල්ලගෙ ජීවිතයට වෙන විනාශය මෝඩ හැත්ත

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site