IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඇල්ලට නව දුම්රිය දෙකක්

(යොහාන් භාසුර)

උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවදානය යොමුකර පෙරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගත් බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා අද (27) පැවසීය.

ඒ අනුව මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්ත දුම්රියක් ලබන පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ කරන බව කී ඒ මහතා නානුඔය සිට ඇල්ල දක්වා දෛනික දුම්රියක් පෙබරවාරි මස 10 වැනිදා ආරම්භ කරන බව ද කීය.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා කොළඹ දුම්රිය මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.  

ඇල්ල දක්වා දුම්රිය ප්‍රවේශපත් සම්බන්ධයෙන් වාර්තා වී ඇති අයථා කටයුතු පිළිබඳව පොලිසිය කටයුතු කරමින් සිටින බව කී ජයසුන්දර මහතා ප්‍රවේශපත් වෙන්කිරීමේ මාර්ගත ක්‍රමයේ පහසුකම් වැඩි කිරීමට ද කටයුතු කරමින් සිටින බව ද සදඟන් කළේය.

කොළඹ සිට ඇල්ල දක්වා සැපයුම වැඩි කිරීමේ පියවරක් ලෙස පෙරවාරි මස 1 වැනිදා සිට මහනුවර සිට දෙමෝදර දක්වා වන සති අන්ත දුම්රියේ ආසන 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ඇති අතර එහි ප්‍රවේශපතක් රුපියල් 7,000 ක් මුදලට වෙන්කරවා ගතහැකි බවත් පෙබරවාරි මස 10 වැනිදා නානුඔය සිට ඇල්ල දක්වා ධාවනය කරන දෛනික දුම්රියේ ආසන 350 ක් ඇති බවත් සාමාන්‍යාධිකාරීවරයා කීය.

එම දෛනික දුම්රිය නානුඔයෙන් පෙරවරු 8.10 ට ආරම්භ වී බදුල්ලට ගොස් නැවත පස්වරු 1.00 ට බදුල්ලෙන් පිටත්ව පස්වරු 5.00 ට නානුඔයට නැවත ළගාවන බවත් එම දුම්රිය දවල් කාලයේ ධාවනය කරන නිසා වඩා ජනආකර්ශනයක් ඇති ඇල්ල සහ නානුඕය කොටසේ තදබදය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජයසුන්දර මහතා පැවසීය.  

යාපනය සමඟ දුම්රිය සම්බන්ධතාව නැවතත් ඉහළ නැංවීමේ අරමුණින් ජනාවාරි 31 වැනිදා සිට යාපනය දක්වා රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කරන බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

ඇල්ලට නව දුම්රිය දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site