IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අගමැතිනිය APICTA සිසුන් අගයයි

(යොහාන් භාසුර)

බෘනායිහිදී පැවති Asia Pacific ICT Alliance (APICTA) සම්මාන උළෙලෙහි ශ්‍රී ලංකාව කැපී පෙනෙන සන්ධිස්ථානයක් අත්කර ගෙන ඇත. මෙරට තරුණ නවෝත්පාදකයින් ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන එමින් එහිදී අනුශුරතාවක් සහ කුසලතා සම්මාන දෙකක් හිමි කරගෙන තිබේ.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මෙම ජයග්‍රහණය ලබාගත් සිසුන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  හමු වූවාය.  එහිදී සිසුන් තාක්ෂණික නවෝත්පාදනය සඳහා දක්වන ලද විශිෂ්ට දායකත්වය පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ප්‍රශංසාව පල කළාය.

ESOFT Metro Campus සත්කාරකයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක විද්‍යාලය සමඟ එක්ව FITIS විසින් සංවිධානය කරන ලද තරුණ පරිගණක විද්‍යාඥ (YCS) තරගය හරහා මෙම දරුවන් දස්කම් දැක්විය.

ඔවුන්ගේ සම්මානලාභී ව්‍යාපෘති මගින් AI බලයෙන් ක්‍රියාත්මක වන බලශක්ති කාර්යක්ෂමතාව, ස්මාර්ට් වාරිමාර්ග සහ අඩු පිරිවිතර උපාංග සඳහා ප්‍රශස්ත ක්‍රීඩා අත්දැකීම්, නවෝත්පාදන සහ නිර්මාණශීලිත්වය සමඟ සැබෑ ලෝකයේ අභියෝගවලට විසඳුම් ලබා දෙන්නක් විය.



අදහස් (2)

අගමැතිනිය APICTA සිසුන් අගයයි

Lalla Tuesday, 28 January 2025 11:32 AM

කෝ අපේ උසස් පෙල කෙරුමෝ ඉන්න රාජ්‍ය විශ්ව විද්‍යාලවල අයට වැඩ බැරිද? මුදල් ගෙවා ඉගෙන ගන්න අයට වල කැපීම විතරද ඒ අයගේ ව්‍යාපෘති.

:       0       0

සංක්‍රාන්තික භුමි Tuesday, 28 January 2025 05:23 PM

මොකද මේ පිටිපස්සේ පේලියේ ඉන්නේ ගැහැණු ළමයි දෙන්නා, අපේ අගමැතිතුමිය දැකලා, භය වෙලා වගේ ඉන්නේ ? භය වෙන්න එපා, එන්න අපේ පියාපත් සෙවනට ! ඔබ සුරක්ෂිතයි !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 618 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site