IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කෝටි පහක හොර අරක්කු සමඟ 6ක් දැලේ

 (බිමල් ශ්‍යාමන් ජයසිංහ )

රජයේ අනුමත ප්‍රසිද්ධ රටබීම නිෂ්පාදන ආයතනයක නාමය භාවිතා කරමින් ව්‍යාජ අයුරින් විකිණීම සඳහා සූදානම් කර තිබූ වර්ණ ගන්වන ලද රුපියල් කෝටි පහකට පමණ ආසන්න වටිනාකමකින් යුත් හොර මධ්‍යසාර ස්ප්‍රීතු සමඟ  සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගත් දේපල අතර හොරට  වර්ණ ගන්වා අනුමත රටබීම අයුරින් සකස් කරන ලද  රට බීම මිලි ලීටර් 180 ඇතුළත් කාලේ බෝතල් 5000ක් සහ බෝතල් කිරීම සඳහා සකස් කර තිබූ මධ්‍යසාර ස්ප්‍රීතූ ලීටර් 266ක් එතනෝල් ලීටර් 110ක්, බෝතල්වල මූඩි සීල් කිරීම සඳහා යොදාගනු ලබන යන්ත්‍රයක්, මධ්‍යසාර බෝතල් බහලුම් වශයෙන් යොදාගනු ලබන මුද්‍රණය කළ කාඩ්බෝඩ් පෙට්ටි විශාල තොගයක් ඇතුළු පෙරීම සඳහා උපයෝගී කරගන්නා උපකරණ රැසක් වන බව පවසයි.

කිරිබත්ගොඩ, මායා මාවතේ පිහිටි නිවසක් තුළ දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය හොර ඉස්කාගාරය වැටලීමේදී බෝතල් සකස් කරමින් සිටි හා විවිධ අයුරින් සේවා ලබාදෙමින් එම නිවස තුළ රැඳී සිටි දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වන වයස අවුරුදු 25ත් 37ත් යන වයස් කාණ්ඩවල පසුවන සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (1)

කෝටි පහක හොර අරක්කු සමඟ 6ක් දැලේ

බකල ජයා aka පගා පප්පා Sunday, 26 January 2025 07:30 PM

දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගියාලු, දැන්ලු අහුවුනේ. පොලීසිය තමයි කියන්නේ, අපි අහනවා. පොලිසිය මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑලු. ආං. තව එකක්, පොලිසිය මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නෑලු...

:       1       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site