IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බෝට්ටුවක් ඔරුවෙහි වැදී ධීවරයෙක් අතුරුදන්

(ගයාන් සූරියආරච්චි)

ඊච්චලම්පත්තුව,  මොහොත්තුවාරම කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු කරමින් සිටි ධීවරයකු බෝට්ටුවක ගැටී දියේ ගිලී අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බෝට්ටුවේ සිටි ධීවරයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ඊච්චලම්පත්තුව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊච්චලම්පත්තුව,  මොහොත්තුවාරම ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 32 සහ 45 වියේ පසුවන ධීවරයන් දෙදෙනෙකි.

දියේ ගිලී අතුරුදන් වූ පුද්ගලයා මොහොත්තුවාරම් කලපුවේ ඔරුවකින් ධීවර කටයුතු සිදුකරමින් සිට ඇති අතර එම මුහුදු තීරයට පැමිණි බොට්ටුවක ඔරුව ගැටී ඇති අතර ඔරුවෙහි සිටි ධීවරයා දියේ ගිලී අතුරුදන්වී ඇති බව පොලිසිය පවසයි.

මෙසේ අතුරුදන්වී ඇත්තේ  ඊච්චලම්පත්තුව, මොහොත්තුවාරම් ප්‍ර දේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකි.අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලිසිය සහ ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කර ඇත.

බෝට්ටුවේ සිටි ධීවරයන් විසින් ඔරුවෙහි සිටි ධීවරයා සිතා මතා බෝට්ටුවෙන් හැප්පුවේ යන්න පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.



අදහස් (0)

බෝට්ටුවක් ඔරුවෙහි වැදී ධීවරයෙක් අතුරුදන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 525 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site