( ෂේන් සෙනෙවිරත්න)
මහනුවර සිට ඇල්ල දක්වා දිවෙන ඔඩිසි දුම්රියේ රුපියල් 4000ක් වටිනා දුම්රිය ඊ ටිකට් පත් දෙකක් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට රුපියල් 28,000කට අලෙවි කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරෙකු මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයට ලද තොරතුරකට අනුව මහනුවර කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ මෙහෙයවීමෙන් අද (26) පෙරවරුවේ ඇල්ල ඔඩිසි දුම්රියට ඇතුළු වූ විශේෂ පොලිස් කණ්ඩායමක් අදාළ බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති අතර එම කාන්තාවන් දෙදෙනා එහිදී ප්‍රකාශ කොට ඇත්තේ මෙම දුම්රිය ඊ ටිකට් පත් දෙක අතරමැදියකු මාර්ගයෙන් රුපියල් 28,000ක මුදලකට ලබාගත් බවයි.
පොලිසිය විසින් සිදු කරන ලද වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකු විසින් මෙම ඊ ටිකට්පත් දෙක බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවන් දෙදෙනාට අලෙවි කිරීම සඳහා ත්‍රී රෝද රථ රියදුරුට ලබා දී ඇති බවයි.
ඒ ආකාරයට අලෙවි කරන එක් දුම්රිය ටිකට් පතකින් රුපියල් 5000ක මුදලක් ත්‍රිරෝද රථ රියදුරුට ලැබෙන බවටද ත්‍රිරෝද රථ රියදුරු පොලිසියට ප්‍රකාශ ලබා දී තිබේ.
ඔහු කලක් තිස්සේ මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවටද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් වූ වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට නියමිතය.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඕඩිසි දුම්රියේ ටිකට් වංචා කළ තවත් ත්‍රිරෝද රියදුරෙක් අල්ලයි
sarath Sunday, 26 January 2025 03:36 PM
ඊ ටිකට් පතේ හැඳුනුම් පතේ අංකය හෝ පාස්පෝර්ට් එකේ අංකය සඳහන් කර, ටිකට් පත අන්සතු කිරීම තහනම් කියා සඳහන් කරොත්, මේ වංචාව නතර කර ගැනීම මෙතරම් අමාරු ඇයි කියන එක ප්‍රශ්නයක්...
විජිත් Sunday, 26 January 2025 06:13 PM
ඉතාමත් හොඳ අදහසක් !!! මේ මාෆියාව නතර කරන්න තියෙන එකම ක්‍රමය ඊ ටිකට් සම්පුර්ණයෙන්ම නැවැත්වීම හෝ ඔබ කිව් විදිහට පාස්පෝර්ට් හෝ හැඳුනුම්පතේ අංකය ටිකට් එකේ සඳහන් කිරීමයි. දුම්රිය බලධාරීන්ගේ අවධානය පිණිසයි.
දත්තකීර් Sunday, 26 January 2025 07:12 PM
ප්‍රශ්නය මෙයයි, ඒ ටිකට්පත්වල ඔබ කියූ පරිදි හැඳුනුම්පත හෝ පාස්පෝට් එකෙ නොම්මර ගැහුවාට වැඩක් නැහැ. වේදිකාවට ඊ ප්‍රවේශ පත්‍ර මගින් ඇතුල් වෙන්න වෙනම දොරටුවක් විවෘත කර එමගින් ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කරන්න පුළුවන් නම්...!