ඥානසාර හිමිට එරෙහි තීන්දුව 14වැනිදා ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පැවරූ නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනි දින ලබාදෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (26)නියෝග කළේය. 26 September 2024
කොළඹ පොත් මංගල්‍ය හෙට කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී හෙට (27)පෙරවරු 9.00ට විවෘත කෙරේ. 26 September 2024
ගුවන් මගීන්ගේ බෑග්වලට විද්ද සේවකයෙක් මාට්ටු කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන ගුවන් මගීන්ගේ ගමන් මලු , හොරෙන් විවෘත කර , ඒවා තුළ ඇති භාණ්ඩ සොරා ගත් ගුවන් තොටුපොළ ගමන් මලු ගබඩා අංගනයේ සේවය කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ . 26 September 2024
ශ්‍රී ලංකන් සේවය ඇගැයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය , ’’ දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ’’ ලෙස නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ. 26 September 2024
ඇති තරම් ඉන්ධන රටේ තියෙනවා පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන සංචිතයක් මෙරට පවතින බවට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිලධාරීන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද දැනුම් දුන්නේය. 26 September 2024
ගිණුම්වලින් සල්ලි අදින කල්ලියක් ගැන පැමිණිල්ලක් බැංකු ගිණුම් හිමියන් රවට ඔවුන්ගේ ගිනුම්වලින් මුදල් අදින සංවිධානාත්මක කල්ලියක් සම්බන්ධයෙන් පැමිණිලි අටක් ලැබී ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය කියයි. 26 September 2024
දිලුම් දිලිත්ට හේත්තු වෙයි හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් මව්බිම ජනතා පක්ෂයේ ජාතික සංවිධායක ලෙස අද (26) පත්වීම් ලැබීය. 26 September 2024
මුදිත පීිරිස් ‘ලිට්රෝ’ සභාපති ධූරයෙන් යයි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීිරිස් මහතා එම තනතුරෙන් ඉවත් වූ බව එම සමාගමේ උසස් නිලධාරියෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය. 26 September 2024
කෘෂි සහකාර අධ්යක්ෂවරු 142ක් පත් කරයි ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල අනුව ඉහළම සුදුසුකම් ලද 142 දෙනකුට සහකාර අධ්යක්ෂ තනතුරු පිරිනමා තිබේ. 26 September 2024
ලොකු ලූනු අස්වැන්න නෙලීම ඇරැඹේ 2024 යල කන්නයේ ලොකු ලූනු වගාවේ අස්වැන්න නෙලීම ආරම්භ කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි . 26 September 2024
ඇල්ලේ රක්ෂිතයන්ට ගිනි තැබූවෙක් අල්ලයි ඇල්ල කිතල්ඇල්ල වන රක්ෂිතයට සහ කිනලන් ෆයිනස් වගාවට හොර රහසේ ගිනිතැබූ පුද්ගලයකු අද (26) සැකපිට අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි . 26 September 2024
පුද්ගල මළ සිරුරක් මහ පාරේ හම්බන්තොට ජාත්‍යයන්තර සම්මන්ත්රණ ශාලාව ආසන්නයේ හම්බන්තොට තංගල්ල ප්‍රධාන මාර්ගය අසල නාඳුනන පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුවී ඇති බව හම්බන්තොට මූලස්ථාන පොලීසිය කියයි. 26 September 2024
2000ක අල්ලසක් ගත් පොලිසියේ දෙකක් අල්ලයි බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම හා ට්රැක්ටරයකින් වැලි ප්‍රවාහන කළ පුද්ගලයකුට නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට රුපියල් 2000 ක අල්ලසක් ගත් බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් මඩකළපුව, අරුප්පනේ ප්‍ර දේශයේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 26 September 2024
අපිරිසිදු කෑම හැදූ තැන් තුනකට මුද්‍රා :පහකට නඩු මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පන්නිපිටිය සහ දෙපානම මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් දෙකෙහි සිදුකළ හදිසි ආහාර වැටලීමකදී මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කළ ස්ථාන තුනක් දින දා හතරකට මුද්‍රා තබා ස්ථාන පහකට එරෙහිව අධිකරණයේ නඩු පැවරූ බව මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය කෝසල මුතු කුමාරණ මහතා පැවසීය. 26 September 2024
චීන පැන්ඩෝ ෆින්ලන්තයට හිරදයක් චීනයෙන් තෑගි වශයෙන් ලැබුණු පැන්ඩා වලසුන් දෙදෙනකු ආපසු චීනයට යැවීමට ෆින්ලන්ත රජය තීරණය කර ඇත. ඒ, එම පැන්ඩා වලසුන් දෙදෙනා නඩත්තු කිරීම ෆින්ලන්ත රජයට අසීරු වී ඇති බැවිනි. 26 September 2024
බේකිරි නිෂ්පාදන මිල අඩු කරන්න බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිල පුළුවන් ආකාරයෙන් අඩු කිරීමට පියවර ගන්නයි සියලුම බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් .කේ . ජයවර්ධන මහතා පවසයි . 26 September 2024
ජනතා සම්පත් නොකා රාජ්‍ය සේවය කරමු ජනතා සම්පත් භුක්ති විදිමින් නොසිට ජනතාවාදී රාජ්‍ය සේවයක් වෙනුවෙන් එක්ව කටයුතු කරමු යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය. 26 September 2024
වසර 40 කට පසු චීනය මිසයිලයක් අත්හදා බලයි වසර 40 කට පමණ පසු චීනය පෙර දැනුම් දීමකින් තොරව, හිටි හැටියේ දිගු දුර අන්තර් මහද්වීපික බැලැස්ටික මිසයිලයක් අත්හදා බැලුවේය. 26 September 2024
බිත්තර ආනයනය නවතී දේශීය බිත්තර මිල අඩු වීම හේතුවෙන් ඉන්දියාවෙන් බිත්තර ආනයනය කිරීම නවතා දමා ඇතැයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථා ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය 26 September 2024
කැබ් රිය පෙරැළි හතක් රෝහලේ කටුවන - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයේ දහතුනේ කණුව ආසන්නයේදී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් හත්දෙනෙකු තුවාල ලබා ඇතැයි කටුවන පොලිසිය පවසයි . 26 September 2024
දඹුල්ලට එළවළු ගඟක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අද (26) අලුයම වන විට කිලෝ ලක්ෂ පනහකට අධික එළවළු තොග ලැබීම හේතුවෙන් ආර්ථික මධ්‍යස්ථානය සහ ප්‍රධාන ඒ නවය මාර්ග සියල්ල ම වාහනවලින් පිරී ඉතිරී ගියේය. 26 September 2024
රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ඉල්ලා අස්වෙයි රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා ඊයේ (25) එම තනතුරින් ඉල්ලා අස්වී ඇත. 26 September 2024
මැතිසභා කමිටු 80 ක් අහෝසියි පාර්ලිමේන්තුවේ මෙතෙක් ක්‍රියාත්මක වූ කෝප්,කෝපා ඇතුළු කමිටු අසූවකට ආසන්න ප්‍රමාණයක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ පෙරේදා (24) අහෝසි වී ගියේය. 26 September 2024
මන්ත්‍රීලා 85ක් පැන්ෂන් නැතුව ගෙදර නවක මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනකුට පාර්ලිමේන්තුව කල්තියා විසුරුවා හැරීමත් සමග විශ්‍රාම වැටුප අහිමිවූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. 26 September 2024
ඉදිරි දින කිහිපයේදී ගිගුරුම් සහිත වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් හෙට (27) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 26 September 2024
’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’ රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ. 25 September 2024
වෑන් මාරයාට තරුණ යුවළ බිලි අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලීසිය කියයි. 25 September 2024
‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතමින් අද (25) පැවසීය. 25 September 2024
නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන් පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය කියයි . 25 September 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026