කුලියට නිවසක් ගෙන හොරකමේ ගිය අයෙක් පොලිස් දැලේ
හෝමාගම ප්රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ නිවසක් කුලියට ගෙන, සොරකමේ නිරත වූ පුද්ගලයෙකු, සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විස්සකට වැඩි ලැප්ටොප් පරිගණක 7ක් , ස්මාර්ට් ජංගම දුරකථන 15ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.