ඉතාලි තානාපති කාර්යාලය ෆොටෝ ගත්ත සැකකරු රිමාන්ඩ් දෙස් විදෙස් ස්ථානාපති කාර්යාල ඇතුළු මෙරට ජාතික වැදගත්කමින් යුත් මර්මස්ථාන වල ඡායාරූප තබා ගනිමින් ඉතාලි තානාපති කාර්යාලය ඡායාරූපගත කිරීමේදී අත් අඩංගුවට පත් සැකකරු ලබන 11 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය. 28 October 2024
පොලොන්නරු මහේස්ත්‍රාත්ගේ නිල නිවෙසට රතිඤ්ඤයක් දාලා පොළොන්නරුව අංක 01 මහේස්ත්‍රාත්වරයා පදිංචි පොළොන්නරුව නවනගරයේ පිහිටි නිල නිවසට කිසියම් පුද්ගලයකු හෝ කිහිපදෙනකු රතිඤ්ඤා කරලක් පත්තුකර තාප්පෙන් විසිකර ඇති බව පොළොන්නරුව පොලිසිය පවසයි. 28 October 2024
දුම්රිය ස්ථානාධිපතීන් වර්ජනයකට සැරසෙයි දුම්රිය ස්ථානාධිපතීන්ගේ බදවාගැනීමේ සහ උසස්වීම් ගැටලුවට ඉදිරි පැය 72 ක තුළ විසඳුමක් නොදුණ හොත් ක්ෂණික වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා අද (28) පස්වරුවේ පැවසීය. 28 October 2024
විමල්ට එරෙහි නඩුවකට දින දෙයි එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ දී මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරත වෙමින් මාර්ග අවහිර කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයින් හය දෙනෙකුට එරෙහි නඩුව නොවැම්බර් 25 වැනි දින විභාග කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (28)නියෝග කළේය. 28 October 2024
කටුනායකට ආ ඉන්දීය ගුවන්යානයක යළිත් බෝම්බ බියක් ඉන්දීය ගුවන් යානයක් තුළ බෝම්බ ඇති බවට කටුනායක ගුවන් තොටුපොළ වෙත හදිසි ගොඩ බැස්සවීමක් (Emergency Landing) සිදු කළ තුන් වැනි ගුවන් යානයද අද (28) දින පස්වරුවේ දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි. 28 October 2024
දෙමටගොඩ රුවන්ගේ පවුලටම නඩු දමයි නීතීවිරෝධි ක්‍රියාවන් වලින් උපයා ගත් මුදල් වලින් මිලදී ගත් රුපියල් කෝටි 11කට අධික වටිනාකමකින් යුත් අති සුඛෝපභෝගී මෝටර් රථ සහ රන් ආභරණ සන්තකයේ තබාගත් බවට චෝදනා කරමින් පාතාල නායකයකු බව කියන දෙමටගොඩ රුවන් ඔහුගේ බිරිඳ, සහෝදරිය සහ පුතාට එරෙහිව මුදල් විශූද්ධීකරණ පනත යටතේ නීතීපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා ඇත. 28 October 2024
අවිධිමත් ප්‍රසම්පාදන වැඩ නවත්වනවා අවධිමත් ප්‍රසම්පාදන කාර්යයන් වලක්වා වංචාව හා දූෂණය මුලිනුපුටා දැමීමට ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 October 2024
සිංහරාජ මැද පාරට එරෙහි පෙත්සම ජනවාරි 23 කැඳවයි ලෝක උරුමයක් වශයෙන් නම් කර ඇති සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගත් තීරණය වළකාලන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම ලබන වසරේ ජනවාරි 23 වැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය. 28 October 2024
පොහොට්ටුවේ ඡන්ද පදනම 10% කින් වැඩි වෙලා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී ජනතා විමුක්ති පෙරමුණ ප්රමුඛ ජාතික ජනබලවේගයේ ඡන්ද පදනම පහළට වැවී ඇති බවත් ශ්‍රී ලංකා පොදුාජන පෙරමුණේ ඡන්ද පදනම සියයට 10 ක් දක්වා වර්ධනය වී ඇති බවත් එම පක්ෂයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා අද (28) පැවසීය. 28 October 2024
’’ජනාධිපති ඡන්ද පොරොන්දු කඩ කරලා’’ පීඩාවට අසහනයට පත් ජනතාවට සහන ලබා දෙන බවට මැතිවරණයෙදී පොරොන්දු දුන්නත් වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ පොරොන්දු පවා කඩ කර ඇතැයි - සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. 28 October 2024
ඩෙංගු වැඩි වීමේ අවධානමක් පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. 28 October 2024
මිරිසවැටිය අසල වෙළඳුන් උද්ඝෝෂණයක වසර තිහකට වැඩි කාලයක සිට මිරිසවැටිය රජ මහ විහාරය අසල පැරණි රථ ගාලේ වෙළඳාම් කටයුතු වල නිරතව සිටි තමන්, එම භූමියෙන් එළියට ඇද දමා ඇති බව කියමින් වෙළඳුන් පිරිසක් අද(28දා) මිරිසවැටිය රථ ගාල අසල උද්ඝෝෂණයක නිරත වූහ. 28 October 2024
සංචාරක තහනම ගැන ඇමෙරිකන් තානාපති පැහදිලි කරයි ශ්‍රී ලංකාවට කාලයකට පෙර හඳුන්වා දී තිබූ සංචාරක උපදේශනයේ කිසිදු වෙනසක් සිදුකර නැතැයි ශ්‍රී ලංකාවේ සිටින අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසයි. 28 October 2024
සජබ හිටපු මන්ත්‍රීගේ කැබ් රිය පබුරන දමා ගිහින් දකුණ පළාත් සභාවේ සමගි ජනබලවේගය හිටපු පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් කැබ් රථයක් මාතර පබුරන ප්‍රදේශයේ සංචාරක නිකේතනයක් පිටුපස දමාගොස් තිබියදී මාතර පොලිසිය සොයාගෙන ඇත. 28 October 2024
’’ලබන වසරේ බල හුවමාරුවක්’’ ඉදිරි දේශපාලනය පිළිබඳ අනාවැකියක් කියන බවත් 2025 වන විට රාජ්‍ය බලයෙන් වාමාංශික මතවාදය ගැලවී නැවත වරක් දක්ෂිණාංශික අලුත් කණ්ඩායමකට බලය හුවමාරු වන බවත් ජාතික ජනතා පක්ෂයේ නායක මංජු නිශ්ශංක මහතා සදහන් කළේය. 28 October 2024
පාර්ලිමේන්තු ක්‍රමවේදය සරසවි 5ක විෂය නිර්දේශයට පාර්ලිමේන්තු ක්‍රමවේදය විශ්ව විද්‍යාල පහක විෂය නිර්දේශයන්ට ඇතුළත් කරනු ලැබ ඇත. 28 October 2024
දවල් කෑම දුන්න අපේක්ෂකයා පොලිසිය එද්දි මරු වෙලා වැඩිහිටියන් 500 කට දිවා ආහාරය ලබා දී පැවැත්විමට සුදානම් කර තිබු දේශපාලන රැස්විමක් පිලිබදව පොලිසියට තොරතුරු ලැබිමත් සමඟ එය සංවිධානය කළ නව දේශපාලන පක්ෂයක පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ කරනු ලබන අපෙක්ෂකයකු එම ස්ථානයට මග හැර ගොස් ඇති බව සාලියවැව පොලිසියෙන් වාර්තාවෙයි. 28 October 2024
මහඡන්දෙදී ජනතාව බුද්ධිමත් විය යුතුයි යම්කිසි අවස්ථාවක ආර්ථිකයට බලපෑමක් ඇති වුවහොත් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක රුවන් විජයවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (28) පැවසීය. 28 October 2024
අල් කමේනීගේ සමාජ මාධ්‍ය ගිණුම අත්හිටුවයි එක්ස් සමාජ මාධ්‍ය ජාලය ඉරාන උත්තරීතර නායකයාග් ගිණුම අත්හිටුවා අත්තේ, ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊශ්‍රායලය විවේචනය කරමින් ඊශ්‍රායලයට දොස් නගමින්, ‘පෝස්ට්’ පළ කළ බැවිනි. 28 October 2024
වන අලි පහරින් දෙදරු මව මරුට සිය ගෙවත්තට පැමිණි වන අලියෙකු පලවා හැරිමට උත්සහ කළ 71 හැවිරිදි දෙදරු මවක් එම වන අලියාගේ ප්‍රහාරයට ලක්ව එම ස්ථානයේම මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි. 28 October 2024
එස්.ටි.එෆ් කොස්තාපල් එස්.ටි.එෆ් එකෙන්ම අල්ලයි රාජ්‍ය බුද්ධි තොරතුරු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලබාදුන් බව කියන කිලිනොච්චිය විශේෂ කාර්ය බළකා කදවුරේ පොලිස් කොස්තාපල්වරයෙක් ජංගම දුරකතන 6 ක් සහ සිම්පත් 7 ක් සමග අත්අඩංගුවට ගත් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 28 October 2024
අධි යතුරු පැදි ධාවනය කළ හයක් සැකපිට මාර්ගවල ධාවනය කිරීමට අවසර නොමැති අධි ධාරිතාවයෙන් යුත් යතුරු පැදි අධි වේගයෙන් ප්‍රධාන මාර්ගයේ ධාවනය කරමින් සිටි තරුණයන් හත් දෙනකු යතුරු පැදිද සමග අත්අඩංගුවට ගත් බව තොඩුවාව පොලිසිය කියයි. 28 October 2024
රේගුවෙන් ඇල්ලූ වාහන 637 ක් දිරන්න ඇරලා ශ්‍රී ලංකා රේගුව මගින් අත් අඩංගුවට ගන්නා ලද විවිධ වර්ගයේ වාහන 637 ධාවනයට නුසුදුසු වන ලෙස දිරාපත්වීමට ඉඩහැර ඇතැයි ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි. 28 October 2024
ජනාධිපති අනුරට දෝෂාභියෝගයක් ගේනවා අනාගත පාර්ලිමේන්තුවට ජනතාව තමන් තෝරාගත හොත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව දෝෂාභියෝගය කෙටුම්පත් කිරීම සහ ඉදිරිපත් කිරීම යන කාර්යන් දෙකම ඉටුකරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 28 October 2024
රෝද තුනෙන් ළමුන් 11 ගෙන ගිය රියදුරු අල්ලයි බේරුවල නාගරික ප්‍රදේශයේ පාසලක් වෙත සීමාව ඉක්මවා ළමුන් එකොළොස් දෙනෙකු හා ගුරුවරියක්ව ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරෙකු බේරුවල පොලිසියෙ රථවාහන අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. 28 October 2024
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පිලී පැනීමක් පානදුර දුම්රිය සථානයෙන් අද (28) පෙරවරු 9.15 ට කොළඹ මරදාන බලා ධාවනය වූ දුම්රිය කොම්පඤ්ඤ වීදිය දුම්රිය ස්ථානයේදී පිලී පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ එක දුම්රිය මාර්ගයක් අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 28 October 2024
පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ දෙකක් දැලේ බලපත්‍ර නොමැතිව මොටර් රථයකින් ප්‍රවාහනය කරමින් තිබු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු එකේ කණුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත්බව පදවිය පොලිසිය කියයි. 28 October 2024
සර්ව ආගමික ස්ථානවලට නොමිලේ සූර්යපැනල දිවයින පුරා පිහිටි සර්ව ආගමික සිද්ධස්ථානයන්හි පියසි මත නොමිලේ සූර්යපැනල ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය මඟින් ආරම්භ කර තිබේ. 28 October 2024
ඉන්දීය ධීවරයෝ 12ක් අත්අඩංගුවට යාපනය, පේදුරුතුඩුව මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අනවසර ධීවර කටයුතු සිදුකල ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බවට නවික හමුදාව පැවසීය. 28 October 2024
හිටපු ජනපතින්ගේ සියලු වරප්‍රසාද කපා දමනවා හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 28 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026