IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


පිරමිඩාකාර මූල්‍ය ආයතන ගැන මහබැංකුවෙන් අධිකරණයට වාර්තාවක්

(රෝෂන් තුෂාර)

දිනෙන් දින රට පුරා ව්‍යාප්ත වන නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය ආයතනවලින් ජනතාව බේරා ගැනීමට මහ බැංකුව ක්‍රියාත්මක කරන දීප ව්‍යාප්ත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සවිස්සර වාර්තාවක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළේය.

මහේස්ත්‍රාත් අධිකරණය මගින් 2024 දෙසැම්බර් 18 වෙනි දින නිකුත් කළ නියෝගයක් ප්‍රකාරව මෙම වාර්තාව මහ බැංකුව  ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නීති නිලධාරී අනුර ජයසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පිටු හයකින් සමන්විත එම වාර්තාව සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියේ අදාල දැනුවත් කිරීම් ගම් මට්ටමින් ව්‍යාප්ත කර ඇත්ද? යන්න පිළිබඳවය.

ඊට පිළිතුරු ලබා දුන් නීති නිලධාරී අනුර ජයසිංහ මහතා කියා සිටියේ වැඩමුළු, සම්මන්ත්‍රණ ,සාකච්ඡා ගම් මට්ටමින් දීප ව්‍යාප්තව ව්‍යාප්ත කර ඇතිබවය.

 

 



අදහස් (5)

පිරමිඩාකාර මූල්‍ය ආයතන ගැන මහබැංකුවෙන් අධිකරණයට වාර්තාවක්

මාබංකුසිංහ Friday, 04 April 2025 03:50 AM

දීප ව්‍යාප්තව ව්‍යාප්ත කරලා තියෙනවා නම් ඉතින් හරිම තමා.

:       0       5

රනේ Friday, 04 April 2025 05:42 AM

පැකට් සහ ටින්කල ආහාර වල ඇති නුගුනත් සොයා බලන්න.

:       0       0

Mohan Mangala Mapa Friday, 04 April 2025 06:25 AM

SMS, WhatsApp පණිවිඩ, ඉමේල්, TV දැන්වීම් දාන්නකෝ .වඩාත් කාර්යක්ෂමව මිනිසුන් දැනුවත් වෙනවා

:       0       6

Dasun Friday, 04 April 2025 07:49 AM

අපිනම් කිසි දෙයක් දන්නේ නෑ මේකට මාද්‍ය බාවිතා කරන්න පැමිණිලි දාන්න තැනක් හදුන්වා දෙන්න

:       0       5

Charith Friday, 04 April 2025 10:36 AM

මහ බැංකුව බලන් ඉන්නව මිනිස්සුන්ව මූල්‍ය ආයතන හූරගෙන කාල ඉවර කරනකන්. සමහර ආයතන ලීස් එක ඉවර කලාම ඩිලීශන් ලියුම දෙන්න 3500/-ක් ගන්නව. මේ වගෙ මිනිස්සුන්ව හූරන් කනව. ඔක්කොම නිදි

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1594 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 629 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site