IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


විදෙස් ආයෝජකයන්ගේ මුදල් වංචා කළ දෙකක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

ලංකාව තුළ ආයෝජනය කරනු ලබන ව්‍යාපෘතියක් සදහා ඇමෙරිකානු ඩොලර් මිලියන 2.8 ක මුදලක් ගෙවන බව පවසා විදේශීය ආයෝජකයන්ගෙන් රුපියල් ලක්ෂ 56 ක මුදලක් වංචා කළ බව කියන සැකකරුවකු ඇතුළු දෙදනෙක් හෙරොයින් මිලිග්‍රෑම් 300 ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, හල්ගහදෙණිය ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 56 සහ 48 වියේ පසුවන පුද්ගලයන් දෙදෙනකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර තිබුණි.

ඒ අනුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී ඔහු සමග සිටි අනෙක් සැකකරු ද හෙරොයින් සන්තකයේ තබාගැනීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අපරාධ පරීක්ෂණ හා මූල්‍ය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට මහතාගේ උපදෙස් පරිදි පරිගණක අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (1)

විදෙස් ආයෝජකයන්ගේ මුදල් වංචා කළ දෙකක් මාට්ටු

ගුණරත්න Friday, 04 April 2025 10:30 AM

දැන් කාලේ පොලිසියෙන් අත්අඩංගුවට ගන්න හැම එකාගෙම වගේ මත්ද්‍රව්‍ය තිබිලා අහු වෙනවා, මොකක්ද මේ අමුතු සමාන සිදුවීම්?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 753 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 512 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site