‘‘අපි සංදර්ශන පැවැත්වුයේ නෑ,නමුත් වෙනසක් කරනවා‘‘ ජාතික ජන බලවේගය මේ රට නව පුනරුදයකට ගෙනයාම සඳහා ගමන ආරම්භ කළේ සංදර්ශන පවත්වා හෝ ජනතාවට බොරු කියා නොවේ යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අද කොළඹදී පැවසුවාය. 29 October 2024
අධිකරණය අලි අගල් ගැන වාර්තාවක් ඉල්ලයි අලි මිනිස් ගැටුම වළකාලකාලීමේ අරමුණින් තනා ඇති අලි අගල් වල වර්තමාන තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වනජීවී අධ්යක්ෂ ජනරාල්වරයාට ් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය. 29 October 2024
වීරඹුගෙදර පොලීසියේ රිවෝල්වරයක්-උණ්ඩ 5ක් අතුරුදන් වීරඹුගෙදර පොලිස් ස්ථානයේ තිබූ රිවෝල්වර පිස්තෝලයක් සහ එම උණ්ඩ 05 ක් අස්ථානගත වී ඇතැයි කියයි. 29 October 2024
මහ ඡන්දය දිනය : මැකොගෙන් නීතිපතිට වාර්තාවක් පාර්ලිමේන්තු මහ මැතිවරණය පවත්වන දිනය, එම දිනය ප්‍රකාශ කළ ආකාරය ඇතුළුව මැතිවරණයට අදාළව මෙතෙක් කර ඇති සියලු කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වාර්තාවක් මැතිවරණ කොමිෂන් සභාව නීතිපතිවරයාට බාරදී ඇත. 29 October 2024
සබරගමු සරසවි සිසුහු පාරට බසිති ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ දැනට පවතින නේවාසිකාගාර ගැටලුව සහ තවත් ගැටලු කිහිපයක් මුල් කරගනිමින් මහා ශිෂ්‍ය සංගමය නියෝජනය කරන සිසුන් පිරිසක් අද (29) දා රාත්‍රියේ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ පඔහින්න මංසන්ධියේදි එක් මංතිරුවක් අවහිර කරමින් පන්දමි දල්වමින් විරෝධතාවයක නිරත වුහ. 29 October 2024
මී ගවයින් හොරෙන් ගෙන ගිය ලොරි තුනක් අල්ලයි ගල්කිරියාගම ප්‍රදේශයේ සිට මුලතිව් බලා හිංසාකාරී අයුරින් පැටවුන් ඇතුලු මී ගවයන් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථ 03ක් මඩාටුගම ප්‍රදේශයේ දී අද (29) සවස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. 29 October 2024
රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ කමිටුවේ සාමාජික දැන් අනුරගේ උපදේශක රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීමට පත් කළ උදය ආර්.සෙනෙවිරත්න විශේෂඥ කමිටුවෙහි වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව මහතාද සාමාජිකත්වය දැරූ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පන්නලදී අද(29) පැවසීය. 29 October 2024
මෙල්බර්න් පාසලකට මෝටර් රථයක් කඩා වැදිලා ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්මෙ නුවර ප්‍රාථමික පාසලකට මෝටර් රථයක් කඩා වැදීමෙන් 11 හැවිරිදි පොඩි දරුවෙක් ජීවිතක්ෂයට පත් විය 29 October 2024
හිස්බුල්ලා නව නායකයා ෂෙයික් නායිම් කසීම් ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නව නායකයා ලෙස, එහි නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ ෂෙයික් නායිම් කසීම් පත් කර ඇත. 29 October 2024
ගුවන් නියමුවාගේ බෑගය සොරාගත් ගෘහ සේවිකාව අත්අඩංගුවට අබුඩාබි නුවර සිට තමා පැමිණි ගුවන් යානයේ ගුවන් නියමුවාගේ ගමන් බෑගය සොරා ගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පළා ගිය ගෘහ සේවිකාවක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද(29) පැය 03 ක් වැනි කාළයක් තුළ දී අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ . 29 October 2024
තරුණියක් දුම්රියේ ගැටී මරුට අලුත්ගම සිට පොල්ගහවෙල බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තරුණියක මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 29 October 2024
තීන්දු ගැනීමේ දී අපට විශේෂ බැඳීම් නෑ රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 29 October 2024
රන්ජන්ගේ පක්ෂයට එරෙහිව පැමිණිල්ලක් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින රන්ජන් රාමනායක මහතාගේ නායකත්වයෙන් යුත් එක්සත් ප්රජාතන්ත්රවාදී හඩ පක්ෂය මගින් මැතිවරණ නීති රීතීන් උල්ලංඝණය කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන බව සදහන් කරමින් අපේ ජනබල පක්ෂය ගම්පහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි ඒකකය වෙත අද (29) පෙරවරුවේ පැමිණිල්ලක් බාරදීම සිදු කළහ. 29 October 2024
සූකර උණ හේතුවෙන් ඌරු මස් විකීණීම තහනම් කරයි ඌරන්, ඌරුමස් සහ එම නිෂ්පාදන විකිණීම ඇතුළු තහංචි කිහිපයක් පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 29 October 2024
කොළඹ වරායට නව දොඹකර කට්ටලයක් කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ නව ගැඹුරු ජල පහසුකම වෙත එහි මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කරමින් නවතම හුවමාරු දොඹකර කට්ටලයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසීය. 29 October 2024
අලුතින් වාහන ගන්න අයට සුභ ආරංචියක් වාහන ආනයනය යම් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරීමට රජය තීන්දු කර ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා අද (29) පැවසීය. 29 October 2024
කිම් ජොන් උන් ගේ ආරක්ෂාව වැඩි කරයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන් ඝාතනය කිරීමේ තැතක් ක්‍රියාත්මකවේ යැයි බියෙන් ඔහුට ලබාදී ඇති ආරක්ෂාව ඉහළ දමා ඇතැයි දකුණු කොරියානු ජාතික බුද්ධි සේවය එරට පාර්ලිමේන්තුවට දැනුම්දී ඇත. 29 October 2024
’’වැටුප් වැඩි කරන්න රනිල් වෙන් කළ සල්ලියක් නෑ’’ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පඩි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන්කර නැතැයි වගකීමෙන් පවසන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය. 29 October 2024
ත්රස්තයන් යැයි සැක තවත් දෙදෙනකු රඳවා ප්‍රශ්න කරයි විදෙස් ත්‍රස්ත සංවිධාන වල අවශ්‍යතාවය මත විදෙස් සංචාරකයින් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් සකස් කළේ යැයි සැක කෙරෙන තවත් සැකකරුවන් දෙදෙනෙකු (ආරක්ෂක ඇමති) ජනාධිපතිවරයාගේ නියෝගය පරිදි දින 90ක් රඳවා ප්‍රශ්න කරමින් ඉදිරි විමර්ශන සිදු කරන බව බව රහස් පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කරුණු දක්වමින් අද (29) සඳහන් කළේය. 29 October 2024
බන්ධනාගාරයට ‘අයිස්’ පන්නන්න හැදූ අයෙක් මාට්ටු නව මැගසින් බන්ධනාගාරයේ රදවා සිටින සැකකරුවෙකු බැලීමට සදහා පැමිණි පුද්ගලයෙකු සැකකරු වෙත දීමට ගෙනආ කරවල ව්‍යංජනයක් තුළ සූක්ෂම ලෙස සගවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය යැයි සැක කළ හැකි කුඩා පැකට් දෙකක් සොයාගත් බව බන්ධනාගාර කොමසාරිස්, බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 29 October 2024
බෙලිඅත්ත දුම්රියේ ටී56 උණ්ඩ 57ක් මරදානේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය කල දුම්රිය මැදිරියක අසුනක් යට බෑගයක තිබී ටී 56 වර්ගයේ ගිණිඅවි සදහා භාවිතා උණ්ඩ පුරවන ලද මැගසින් එකක් සහ ජීව උණ්ඩ 57 හමුවී ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසයි. 29 October 2024
HPV එන්නතින් පසු සිසුවියන් හතරක් රෝහලේ ගැබ්ගෙල පිළිකා සදහා ලබාදෙන එන්නත විදීමෙන් පසු වාද්දුවේ විදුහලක සිසුවියන් සිව්නෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය 29 October 2024
හොර මානව හිමිකම් කොමසාරිස්වරියගේ රථය අත්අඩංගුවට මානව හිමිකම් කොමසාරිස් යනුවෙන් ව්‍යාජව යෙදූ විශාල දැන්වීම් පුවරුවක් සහිත සුඛෝපභෝගී කැබ් රථයක් මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 29 October 2024
ජොන්ස්ටන් බන්ධනාගාරය තුළ ලිපියක් ලියා නෑ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් පාවිච්චි කිරීමේ චෝදනාවට වැලිකඩ බන්ධනාගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බන්ධනාගාරයේ සිට ලිව්වේ යැයි හගවමින් වෙබ් අඩවියක පළවී ඇති ලිපිය ව්‍යාජ ලිපියක් බව ෆබන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවසීය. 29 October 2024
ජෛව තාක්ෂණය දියුණු කරන්න ඇමරිකා සරසවියක් සමග ගිවිසුමක් ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔහායෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
වන අලි පහරින් තිදරු පියා මරුට සිය නිවසේ පිටුපස රැදි සිටි වන අලියෙකුගේ පහර කෑමට ලක්ව 70 හැවිරිදි තිදරු පියෙකු එම ස්ථානයේදිම මිය ගොස් ඇතැයි පිහිබියගොල්ලෑව පොලිසිය කියයි. 29 October 2024
හසීනාගේ නිල නිවස කෞතුකාගාරයක් කරයි බංග්ලාදේශ හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් පැන්නූ අරගලයට ගෞරව දැක්වීම සඳහා ඇය ජීවත්වූ සුඛෝපභෝගී නිල නිවස අරගලයේ මතකයන් තැන්පත් කළ කෞතුකාගාරයක් බවට පත්කරන බව බංග්ලාදේශ අන්තර්වාර රජයේ ප්‍රධානී මුහම්මද් යුනුස් පසුගියදා ප්‍රකාශ කළේය. 29 October 2024
පොලිසියට අල්ලස් දෙන්න ගිහින් කූඩුවේ පොලිස් නිලධාරියෙකුට රුපියල් 300ක අල්ලස් මුදලක් ලබාදීමට උත්සාහ දැරූ ටිපර් රථ රියදුරෙකු අම්පාර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. 29 October 2024
තේ පර්යේෂණායතනයට ඉඩමක් දිගුකාලීන බද්දට ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ දකුණු පළාත් උපදෙස් හා ව්‍යාප්ති මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
පොලිස් සුබසාධන ශ්‍රවණාගාර වැඩ යළි අරඹන්න අනුමැතිය පොලිස් සුබ සාධන ගොඩනැගිල්ලේ ශ්‍රවණාගාරයේ ඉතිරි වැඩ නිම කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 29 October 2024
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026