දකුණු කොරියා ජනාධිපති යූන් සුක් යෝල්ට එරෙහිව ගෙනා දෝෂාභියෝගය, එරට ව්‍යවස්ථා අධිකරණය විසින් ඒකමතිකව සම්මත තහවුරු කෙරුණි.
ඒ අනුව, යූන් සුක් යෝල් ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරනු ඇති අතර, දින 60 ක් ඇතුළත ජනාධිපතිවරණයක් පැවැත්වීම ද කළ යුතුය.
යුද නීතිය ප්‍රකාශයට පත් කිරීම හේතුවෙන්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ අප්‍රසාදයට ලක්වුණු යෝල්ට එරෙහිව පාර්ලිමේන්තුවට දෝෂාභියෝගය ඉදිරිපත් කිරීම සිදුවූයේ පසුගිය දෙසැම්බරයේය.
එම අවස්ථාවේ දී යෝල්ගේ ජනාධිපති බලතල තාවකාලික හිටුවීම සිදුවිය. දකුණු කොරියානු අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපති ලෙස පත් කෙරුණි.
යෝල්ගේ ජනාධිපති ධුරය අහෝසි කිරීමට නම්, ව්‍යවස්ථා අධිකරණය යටතේ දෝෂාභියෝගය තහවුරු කළ යුතුව තිබුණු අතර එය අද (4) දිනයේ සිදුවිය.
ව්‍යවස්ථා අධිකරණ විනිසුරුවරු අට දෙනාම ඒකමතිකව, දෝෂාභියෝගය තහවුරු කළ බැවින් යෝල් ට ජනාධිපති ධුරය අහිමි විය.
(ඒ.එෆ්.පී.)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කොරියන් ජනපතිගේ දෝෂාභියෝගය සම්මත වෙයි