
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ භෞමික රූපවාහිනී විකාශන ඩිජිටල්කරන ව්‍යාපෘතිය (DTTB) ක්‍රියාත්මක කිරීමට අදාළව ඉංජිනේරු උපදේශන සේවා ගිවිසුම අත්සන් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති ඉසොමතා අකිඕ (Isomata Akio) මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.
කොළඹ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී මෙම ගිවිසුම අත්සන් කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ,ජපාන ඉංජිනේරු උපදේශන සේවා ආයතනය වෙනුවෙන් එහි කළමනාකරණ අධ්‍යක්ෂ ගාකු අඩාචි (Gaku Adachi) මහත්වරු ගිවිසුම නිල වශයෙන් අත්සන් කළහ.
මෙම ඩිජිටල්කරණ ක්‍රියාවලියෙන් භෞමික රූපවාහිනී සංඥා දුර්වලතා ඉවත් කිරීම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීමේ හැකියාව ලැබෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය කියයි.
මෙහි දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අදහස් දක්වමින් වසර 45 කට ආසන්න කාලයක් ශ්‍රී ලාංකිකයන් ඇනලොග් රූපවාහිනී සේවා ලබාගත් බවත්, අනාගතයේ ජනතාවට ඔවුන්ගේ රූපවාහිනී නැරඹුම් අත්දැකීම තුළ හැකි උපරිම ගුණාත්මක භාවයට ප්‍රවේශ විය හැකි බව සහතික කිරීමට කාලය වන බව පැවසීය.
COMMENTS
සුපැහැදිලිව හොරු හිරේයනවා බලන්න පුළුවන් දැන්.
ඉතාමත් හොඳ වැඩක්. ලෝකේ බොහෝ දියුණු රටවල මීට දශකයකට පමණ පෙර තමයි ඇනලොග් විකාශන සම්පූර්ණයෙන්ම නතර කළේ... හැබැයි පුතෝ හැමදෙනාටම තමන්ගේ analog රූපවාහිනිය විසිකරලා ඩිජිටල් TV එකක් ගන්න වෙනවා...!
1979 දී ජපානය තමයි උදව් කලේ ITN එක පටන් ගන්නත් NEC එක්ක එකතුවෙලා
මාලිමා ආන්ඩුව හැම විටම උත්සාහ කරන්නේ ජනතාවට හොද සේවයක් ලබාදීමටයි NPP එකට ජයවේවා...
වැඩක් නැහැ. හැම චැනල් එකකම එකම අච්චුව. උදේම කවුරු හරි ගෙන්වලා අලගිය, මුලගිය තැන් කයිවාරු ඊළඟට ඊයේ රෑ පෙන්වපු කසිකබල් නාට්‍ය පෙරහැර ඊළඟට තරගෙට ප්‍රවෘත්ති, ඊළඟට ආදිකාලේ සිංහල හෝ දමිල චිත්‍රපට ඊළඟට ඒ ඒ චැනල් වලටම ප්‍රවේණි උරුම ළමා කාටුන්... ඊට පසුව නැවත ප්‍රවෘත්ති... අනතුරුව දේශපාලන ගොන්පොර...