IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොදි සංචාරයට වැසෙන මාර්ග මෙන්න

(ගයාන් සූරියආරච්චි)

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාර වෙනුවෙන් හෙට (5) ගාලු මුවදොර, නිදහස් චතුරස්‍රය සහ බත්තරමුල්ල අපේගම පරිශ්‍රය යන ප්‍රදේශවල මාර්ග විටින් විට වසා තබන බව පොලිසිය පවසයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද පොලිසිය ක්‍රියාත්මක කරන අතර පොලිස් නිලධාරීන් 1500 ක් පමණ රාජකාරී කරනු ලබන අතර යුද හමුදාව, සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ කීපයක් විශේෂ ආරක්ෂාව සපයනු ඇත.

එම කාලසීමාව තුළදී රථවාහන තදබදය හා රියැදුරන්ට සිදුවන අපහසුතාව අවම කර ගැනීම සදහා රියැදුරන් විකල්ප මාර්ග වෙත යොමු කිරීමට රථවාහන නිලධාරීන් කටයුතු කරනු ඇත.

පසුදා (6) අනුරාධපුර නගරය, ජය ශ්‍රී මහ බෝධිය සහ අනුරාධපුර දුම්රියපොළ ආශ්‍රිත ප්‍රධාන මාර්ග පෙරවරු 7.30 ත් 10.30 ත් අතර කාලයේ වරින් වර මාර්ගය වසා තැබෙන බැවින් එදින පූජා භූමිය වෙත පැමිණෙන බැතිමතුන්ට අපහසුතාවකින් තොරව තම කටයුතු කරගැනීම සදහා විකල්ප මාර්ග වෙත රථවාහන නිලධාරීන් යොමු කරන බවද පොලිසිය කියයි.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය වෙනුවෙන් පොලිසිය කරනු ලබන විශේෂ රථවාහන සැලැස්මට අවශ්‍ය සහයෝගය ලබාදෙන ලෙස පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි.



අදහස් (1)

මොදි සංචාරයට වැසෙන මාර්ග මෙන්න

ගුණරත්න Saturday, 05 April 2025 08:00 PM

ඉස්සරත් ඉන්දියන් රාජ්‍ය නායකයෙක් එනවා කිව්වම රටේ පාරවල් වැහුනා, එත් පොලීසියෙන් වහපු පාරවල් නෙවෙයි, ජවිපෙ පාරවල් වහගෙන උද්ගෝෂණ කල නිසා තමයි එහෙම වුනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site