
(සුජිත් හේවාජුලිගේ)
ඇමරිකානු රජය ශ්‍රී ලංකාව ආනයනය කරන භාණ්ඩවලට පැනවූ බදු සීමා ලිහිල් කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි උපායමාර්ග සඳහන් කරමින් සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රජයට යෝජනාවලියක් ඉදිරිපත් කරයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානු ජනාධිපතිවරණ මැතිවරණ වේදිකාවේදී පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ රටවල් ගණනාවකට බදු පනවන බවට පූර්ව අනතුරු ඇඟවීම් කළ බවයි.
ඒ අනුව බොහෝ රටවල් එ් අවස්ථාවේ සිටම මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ඇමරිකානු රජය සමඟ සාකච්ඡා ආරම්භ කළ බව පැවසූ කිරිඇල්ල මහතා එසේ සාකච්ඡා කළ සියලු රටවල් ඇමරිකාවෙන් අඩු බදු ප්‍රතිශත ලබාගෙන ඇතැයිද ප්‍රකාශ කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් එසේ ප්‍රකාශ කරන අවස්ථාවේදීම මාලිමා රජයේ විශේෂඥයන්ට ඒ සඳහා සූදානම්වීමට කාලය තිබූ බවත් ඔවුන් එසේ කල්තියා සූදානම් නොවීම හේතුවෙන් මෙම බරපතළ ගැටලුව මතුවූ බවත් ඔහු පෙන්වා දුන්නේය. කල් තියා සාකච්ඡා ආරම්භ කළ සියලු රටවල් ගොඩ ගිය බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. ශ්‍රී ලංකාවට පැනවූ සියයට 44ක බදු අඩු කර ගැනීම සඳහා දැනටමත් ප්‍රමාද නැති බවත් ඒ සඳහා විශේෂඥ කණ්ඩායමක් පත්කර එරට නායකයන් සමග විධිමත් සාකච්ඡා ආරම්භ කළ යුතු බවත් ඔහු යෝජනා කළේය.
ඇමරිකාවෙන් මෙරටට අානයනය කෙරෙන භාණ්ඩවලට නියම කෙරෙන බදු සහ කෘතිම බදු වැටවල් ඉවත් කර නිදහස් වෙළඳ ආර්ථිකයකට ගමන් කිරීමෙන් මෙම ගැටලුව විසඳාගත හැකි බව පෙන්වා දෙන හිටපු මන්ත්‍රීවරයා ඇමරිකාව වමට බර රටවලට වැඩි බදු ගසා ඇති බව එම බදු ලැයිස්තුව නිරීක්ෂණයේදී පෙනී යන්නේ යැයිද සඳහන් කළේය.
COMMENTS
මෙම ආණ්ඩුවේ ඉන්න බයි සෙට් එකට, මේකට ක්‍රියාමාර්ග ගන්න තියා, මේ ගැන හිතන්නවත් මොලයක් නැහැ.
කිරිඇල්ල ඇයි එදා ඕක කිව්වේ නැත්තේ...?
අපරාදේ.. අර පත්කළ කමිටුවේ සභාපතිකම කිරිඇල්ලට දෙන්න තිබුනේ. තව ඕනෑ නම් රවී කරුණානායක සහ නැවෙන් ඩොලර් ගෙනාපු හාදයාවත් පත් කරන්න තිබුණා.
පරදිනවා කියලා දැනගෙන ගෙදර ගිය හාදයා, මහනායක හාමුදුරුවරු ලව්වා චිට් එකෙන් රිංගන්න බැලුවා, ඒක හරි නොගිය තැන, දැන් ෆෙරාරි සීයා වගේ නිවේදන නිකුත් කරනවා, ගෙදරට වෙලා බණක්-භාවනාවක් කරගෙන ඉන්නේ නැතිව. කරලා තියෙන හොරකම් වලට මෙයා හරි නම් ඉන්න ඕනෑ ආණ්ඩුවේ බෝඩිමේ අනිත් ඔක්කෝටම කලින්...
අමු ගොන් කතා කියන්න එපා මනුස්සයෝ. ඇමෙරිකාවේ ට්‍රම්ප් කරපු දේ ගැන මෙලෝ හසරක් හොයන්නේ නැතුව මෝඩ කතා කියනවා. ට්‍රම්ප් රටවල් 185 කට බදු ගහපු හැටි සහ එම ප්‍රමාණයන් ද එය ගණනය කරන්න භාවිතා කරපු 6 හේ පන්තියේ ළමයකුටත් තේරුම් ගන්න පුළුවන් සමීකරණයද ලෝකේ හැමෝටම බලාගන්න පුළුවන්. ට්‍රම්ප් ගේ බදු ගැහිල්ල කලින් කතා කරලා මග හරවා ගන්න පුළුවන් එකක් නොවන බව අබමල් රේණුවක ලෝක දේශපාලනයක් ගැන අවබෝධයක් තියන මිනිහෙක් දන්නවා. ට්‍රම්ප් කලේ ආරථික වශයෙන් මුග්ධ විදිහට රටවල් සියල්ලටම තෝරන්නේ බේරන්නේ නැතුව සමීකරණයට අනුව බදු ගැසීම. කවුරු හරි මේ කිරිඇල්ල සීයට මේක පහදලා දෙන්න. පව් කියලා හිතෙනවා... මේ කිරිඇල්ල වගේ මිනිස්සුනේ අපේ රටවල් පාලනය කලේ...
හයිවේ එක ඉඩම් බේරල වංගු නමලගත්ත වගේද සර් නම්මන්න ඕන?
මාරු යෝජනාවලිය.
බංකොලොත් විපස්සයෝ දැන් මේ සිද්දිය අල්ලාගෙන මෝඩ ජවනිකා දාන්න පටන් අරන් , කිසිම් රටක් ට්‍රුම්ප් එක්ක සාකච්චා කරලා බදු අඩු කරගත්තේ නැහැ , දැන් හුඟක් රටවල් එකට එක කරන්න ඇමරිකාවෙන් ආනයනය කරන බඩු වලට tax වැඩි කරන්න යනවා
අපි යුරෝපෙන් , ඇමරිකාවෙන් සහ ජපානය ඇතුළු ආසියාවේ අනෙක් රටවල් වලින් එන භාණ්ඩ වලට 50% සිට 300% දක්වා බදු අය කරනවා මෙම රටවලුත් අපි යවන භාණ්ඩ වලට මේ විදිහට බදු නොගහ හිටියොත් තමා පුදුමේ , ඔබතුම හරි මේම අධික තීරු බදු නිසා තමා අපේ ජිවන වියදම් ඉහල ගිහින් රටේ ජනතාවගේ ජිවන තත්වය පහල වැටිලා තිබෙන්නේ , කරුණාකර මෙම තීරු බදු අඩු කරන්න
පුළුවන් කයිය ගහන්න විතරයි
මේ කිසිම රටක් කලින් සාකච්ඡා කරලා බදු අඩු කරගෙන නැත. සියලු දෙනාටම අමෙරිකාව සමග තිබෙන tradedeficit එක අනුව බදු පනවා තිබේ. Trade balance eka plus තියෙන රටවලට සහෙන්න අවාසියි.
ලබන වසරේ යුරෝපේ GSP එකත් ඉවර වෙනවා. අමතක කරන්න එපා 2028 සිට අපිට ණය වාරික ගෙවන්න සිදුවෙනවා... දැන් අපට කරන්න පුළුවන් එකම දේ අපේ වියදම් අඩු කරගන්න එක අවශ්‍ය ප්‍රමාණයට වැඩිය 3 ගුණයක් පමණ සිටින රජයේ සේවක රැකියාවලින් යම් ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේ... ශ්‍රී ලන්කන් වැනි පාඩු ලබන රජයේ සමාගම් වහලා දමන්න හෝ විකුණන්න වෙනවා. එහෙම නොකළොත් 2028 දී නැවත ආර්ථික අර්බුද වලට රටට දෙන්නේ සිදු වෙනවා. ආණ්ඩුවට අද හෙටම තීරණයක් ගන්න වෙනවා.
බැසිල් කියන මොළහතාට කිව්වනම් උපදේශයක් අරන් දෙන්ඩ බැරිකමක් නැහැ.