
(කේ බුද්ධික කුමාරසිරි)
පහළොස් හැවිරිදි බාල වයස්කාර පාසැල් දැරියක සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම බාල වයස්කාරියගේ පෙම්වතා බව කියන තරුණයකු ඇතුළු බාලවයස්කාර සැකකරුවන් හය දෙනෙකු ලබන 11 වන දින තෙක් මාකොළ ළමා රැදවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස ගත කිරීමටත් එක් සැකකරුවෙකු බන්ධනාගාර ගත කිරීමටත් හෝමාගම වැඩ බලන මහේස්ත්‍රාත් පද්මසිරි ජයවර්ධන මහතා අද (04) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් හෝමගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලද වෛද්‍ය වාර්තා අනුව සැකකරුවන් හත් දෙනා අතුරින් තිදෙනෙකු දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙක් සිව් දෙනා සිද්ධියට අනුබල දීම යන චෝදනා යටතේ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
මෙහිදී හෝමාගම මූලස්ථාන පොලිසිය වෙනුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත මානවඩු අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ ලිංගික අතවරයට ලක් වූ දැරිය තවමත් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු අවසන් නොවන බැවින් ලබන එකොළොස්වන දින දක්වා සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙසයි.
COMMENTS
මේ කරලා තියෙන්නේ ලමයි කරන වැඩද .දෙමාපියන්ට මොන තරමි වේදනාවක්ද අගෞරවයක්ද ?....
ඔය බන්ධනාගාරගත කරපු සැකකරුවා අනෙක් අය හොඳටම බලාගන්න ඕනෑ ඔන්න. අඩුපාඩුවක් වුනොත් අටපට්ටමට කියන්ට ඕනෑ..
කවුශි නෝනා කිව්වේ නම් මේ සැකකාර ළමයි රිමාන්ඩ් කරන්න ඕනෑ සෙක්ස් ඔෆෙන්ඩ් ලිස්ට් එකට දාන්න ඕනේ කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ...?
සමහර නඩුකාරවරු ලොකු ලොකු දේශනා දීලා සමහර දේශපාලඥයින්ට මෑතකදී නඩු තීන්දු නියෝගයන් ලබාදුන් බව අප දුටුවා. ඉතින් ඵ් වගේ දේශනා මේවාටත් ලබාදී බරපතල වැඩ සහිත හෝ මරණීය දණ්ඩනය පනවා බන්ධනාගාර ගතකරන්න...
එළියට නම් එවන්න එපා... මේ අය ලොකු වෙනකොට කොහොම හිටීද?