
(අංජුල මහික වීරරත්න)
මට මතකයි, අස්වැන්න නෙලලා ගෙදරට වී ගෙනාවට පස්සේ අපේ ගෙවල් වල වී ටික කඳු ගහන්න ලොකු ඉඩක් නෑ.අපි ගෙදර වී ගෝනි තියලා ඒ වී ගෝනි උඩ නිදාගෙන තිබෙනවා යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික අලුත් සහල් මංගල්‍යයේදී පැවසීය.
ජාතික අලුත් සහල් මංගල්‍ය අනුරාධපුර ශ්‍රී මහා බෝධිය අභියසදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. ගොවීන් විසින් නෙලා ගත් වී අස්වැන්නේ අග්‍ර භාගය මෙහිදී ශ්‍රී මහා බෝධිය අසල රන් ආලේපිත පාත්‍රයට පුරවා ආශිර්වාද ගැනීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධිපතිවරයා මෙසේද කීය.
අපි කවුරුත් කෘෂිකර්මාන්තයේ යෙදුණු අය.අපි ගොවි අම්මා අප්පලාගේ දරුවෝ.ජනතාව විඳින අනේකවිධ දුක්ඛ දෝමනස්ස ගැන අවබෝධයක් තියෙන මිනිස්සු.මේ රටේ ගොවීන්ට කෘෂිකර්මයට අනාගතයක් ගැන විශ්වාසය තැබිය හැකි සංවර්ධනයක් බලාපොරොත්තු විය හැක්කේ අපෙන් පමණයි.
COMMENTS
මෙතෙක් රජරට වියළි කලාපයෙන් ජනාධිපති වුණේ සිරිසේනයි අනුරයි. දෙන්නම ගොවියන්ව නන්නත්තාර කරලා හාල් මෝල්කාරයන්ට ප්‍රකෝටි ගණන් හම්බකරලා දුන්නා. ඡන්ද කාලෙට කයිය ගැහුවට දෙන්නටම මුල අමතකයි.
සාමාන්‍ය මිනිහෙක් ජනාධිපති වෙන එක බොහෝ අයට දිරවන්නේ නැහැ. බොහෝ විට ඒ් අය විනාශ කරන්නේ ඒ් පංතියේම අය විසිනුයි. ඉතිහාසයේ බොහෝ විට සිදු වුණේ ඒහෙමයි.
මේවා නිකන් සුරංගනා කතා, ජනතාව රවට්ටන්න බේගල් කියනවා. ඔයාලා බලයට ඇවිල්ලා තියෙන්නේ ඩයස්පෝරාවේ මනදොළ පුරවන්න. ඒක ජනතාව අවබෝධ කරගෙන ඉන්නේ.
හොඳයි මේ අවුරුද්දේ අස්වැන්න රජයේ ගබඩා වලට දුන්නද?
අපටත් මතකයි 88/89 කාලේ අස්වැන්න ගෙට අරගන්න කොටම තුවක්කු කාරයෝ ඇවිල්ල ඒවා උස්ස ගෙන යනවා. අලුත් හාලෙන් බත් මුට්ටියක් උයල දරුවොත් එක්ක කන්න නෑ, ගල් කටස් හමුදාව ඇවිල්ල එක උස්සගෙන යනවා. කෘෂි කර්මයට සම්බන්ධ වගා නිලධාරියාව, ග්‍රාම නිලධාරියාව පරලොව ඇරියා. විශ්ව විද්‍යාලයට එන ගොවීන්ගේ දරුවෝ සමාජවාදයක් ගැන බොරු දේශනා කරලා, උන්ගේ ඔලු වයිරයෙන්, ක්‍රෝධයෙන් පුරෝලා, උන්ව සමාජ අසහන කාරයන් බවට පත් කළා. ලිස්ට් එක දිගයි අතිගරු ජනාධිපති තුමා!
අතීතය හරියට සිහිකළොත් ලොකු අමාරුවක වැටෙන්නේ...
චතුරිත් භද්‍රානි වගේ මේ පැත්තේ රවුමක් දාලා... ගොම රිත්තක් අත ඇරලා යනවා.