පාසල්වල මුදල් එකතු කරනවා නම් දන්වන්න
අධ්‍යාපන ප්‍රතිපත්ති නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් අර්බුධ ගණනාවක් උද්ගතව ඇති බවත් පාසල්වල මුදල් එකතුකිරීම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයට දැන්වුවහොත් කඩිනමින් පරීක්ෂණ කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.