IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිරිමින්ගේ ලෝකෙ කාන්තාව හරි පුංචියි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පිරිමින්ගේ ලෝකය ඇතුළේ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක් යැයි මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිනී කුමාරි විජේරත්න මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.

"අද කාන්තා දිනය. තමන්ගේ අයිතීන් සුරැකෙන සමානාත්මතාව ලැබෙන ජීවිතයක් ලැබේවායි සියලු කාන්තාවන්ට මා සුබ පතනවා. අප වසර ගණනාවක සිට කාන්තා සුබ සිද්ධිය වෙනුවෙන් කතා කරනවා.අප අතීතයට දෙස් දෙවොල් කියනවා. හැබැයි අනාගතය සැලසුම් කර තිබෙනවාද කියා ප්‍රශ්නයක් තිබෙනවා.කාන්තා ගැටලු වලට ඇත්ත උත්තරය තිබෙන්නේ ගැහැණු අතේ නොවේ. පිරිමින්ගේ පාප කඳට දෝෂ විඳින ළඳුනේ යනුවෙන් ප්‍රසිද්ධ ගීතයක්ද තිබෙනවා.කාන්තාව හිංසනයට ලක් වන්නේ ඇය හිංසනයට ලක් කරන අනෙක් පුද්ගලයාගේ වරද නිසයි යනුවෙන්ද මන්ත්‍රීවරිය කීවාය.



අදහස් (7)

පිරිමින්ගේ ලෝකෙ කාන්තාව හරි පුංචියි

රම්බොඩ Saturday, 08 March 2025 11:29 AM

ඒ තම තමන්ගේ හිතුළු. මේ සිංහල බෞද්ධ සාමාජයේ නම් කාන්තාවට ගෞවණීය තැනක් තියෙනවා. ඒක සම කැන නෙවෙයි. ඊටත් ඉහළ තැනක්. අසීමිත නිදහසක් තියෙනවා.හැම වෙලාවකම කාන්තාව තෙවැනි ඇසක් අතිවයි ඉන්න ඕන. එහෙම නොවුණු තැන්වල තමයි ඇය අනතුරේ වැටෙන්නේ.

:       0       0

අරවින්ද මොණරවිල Saturday, 08 March 2025 12:00 PM

ජලනිලා, දුලාංජලීලා සහ හේමලා වගේ අය ඉස්සරහා ඔයාලා කොහොමටවත් පුංචියි තමයි...

:       0       0

අරවින්ද මොණරවිල Saturday, 08 March 2025 12:03 PM

අවුරුදු පහකට ආසන්න කාලයක් ඔහේලා රට පාලනය කෙරුවා කාන්තාවන් වෙනුවෙන් කෙරුව එක දෙයක් කියන්න පුළුවන්ද? දැන් ඇවිල්ලා විකාර කියවනවා..!

:       0       0

ජනරළ Saturday, 08 March 2025 01:45 PM

මෙච්චර කලක් රට පාලනය කලේ ඕගොල්ලන්ට අයිති පක්ෂනේ. ඉතින් ඔය ඔක්කොම ප්‍රශ්න මේ දැන් පත්වෙලා ඉන්න ආණ්ඩුවට එක පාරටම විසදන්න කියල කියන්න පුලුවන්ද? දැන් බලන්න ඔයාගේ පක්ෂේවත් තියෙනවද හරි හැටි නියෝජනයක්; නැහැනේ?

:       0       0

sugath Saturday, 08 March 2025 04:32 PM

හැබැයි අද විශ්ව විද්‍යාලයකට ගියොත් 2/3 ඉන්නේ කාන්තාවන්.

:       0       9

Nandana Saturday, 08 March 2025 07:25 PM

පුංචි වුණත් හරිම සැරයි ගම්මිරිස් ඇටේ...!

:       0       0

Asela Saturday, 08 March 2025 09:57 PM

ඒ වුණාට මගේ ලෝකයේ මගේ බිරිඳට ඇත්තේ සුවිශේෂී ස්ථානයක්. මගේ ලෝකයේ ඇයට හිමිව ඇත්තේ ඉහළම තැන. ලෝක කාන්තා දිනයට සුබපැතුම්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site