
(අමිල චින්තක ගමගේ)
ජාතික සත්ව සංගණනය සඳහා නිවාස වලට බෙදා දෙන තොරතුරු පත්‍රිකා ලක්ෂ 70 ක් රජයේ මුද්‍රණාල විසින් මුද්‍රණය කර අවසන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ ( කෘෂි තාක්ෂණ ) මහතා සඳහන් කරයි.
මේ වන විට එම සියලු පත්‍රිකා දිස්ත්‍රික්ක 25 පිහිටි සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත බෙදා හැර අවසන් බවද ඒ මහතා පැවසීය.
කෘෂිකර්මය විනාශ කරන සත්වයන් ලෙස සැලකෙන වඳුරා, රිළවා ,මොනරා, දඬුලේනා යන සත්වයන් මෙම ජාතික සත්ත්ව සංගණනය යටතේ සමීක්ෂණයට ලක් කෙරේ. එය මාර්තු 15 වැනිදා පෙරවරු 8 සිට 8.5 දක්වා වනාන්තර හැර සියලුම ගෙවතු වලදී සිදු කිරීමට නියමිතය.
මේ සම්බන්ධව අදහස් දක්වමින් නිදහස් ග්‍රාම නිලධාරී සංගමය සඳහන් කරන්නේ සත්ව සංගණනයට ග්‍රාම නිලධාරීන්ට වගකීම් පැවරුණත් ඔහුන් ඒ සඳහා ප්‍රවීණයන් නොවන බවයි.ඒ නිසා ග්‍රාම නිලධාරීවරුන්ට කිසිම දෝෂාරෝපණයක් එල්ල නොකරන ලෙසයි.
මේ සම්බන්ධව අදහස් දක්වමින් පරිසර සංවිධානද සඳහන් කරන්නේ මෙම සංගණනය මගින් ඵලදායි යමක් සිදු නොවනු ඇති බවයි.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජාතික සත්ව සංගණනයට සියල්ල සූදානම්
ගුණරත්න Saturday, 08 March 2025 08:36 AM
හා මමත් පොල් ගහේ දැන්වීමක් ගැහුවා අදාළ කාලය තුල වෙන වැඩ දාගන්න එපා, මිනිත්තු 5ක් එක තැන ඉන්න පුරුදු වෙන්න කියල
අරවින්ද මොණරවිල Saturday, 08 March 2025 12:18 PM
කළබල වෙන්නේ එපා ගුණරත්න, බූරුවන්ට සංගණන බාර දෙන්න අදහස් නැහැ ආණ්ඩුවේ !
Asanga Sunday, 09 March 2025 12:26 PM
ඕක ගණන් කරන්න දෙයක්ද? කොහොම ගණන් කරත් 159 ඉන්නේ...
Asanga Sunday, 09 March 2025 12:28 PM
ඕක ගණන් කරන්න දෙයක්ද? කොහොම ගණන් කරත් 159යි ඉන්නේ..!