(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කරඳියාන කසල අංගනය ඉදිරිපිට වේරැස් ගඟේ කිඹුලන් කා දමමින් තිබූ තරුණ මළ සිරුරක්  සොයාගත් බව පිළියන්දල පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සයුරු පුර පදිංචි ෂෙහාන් තාරක නමැති (22) හැවිරිදි තරුණයකු බව පොලිසිය කියයි.

කරදියාන කසල අංගනය ඉදිරිපිට වේරැස් ගඟේ පුද්ගල මළ සිරුරක් කිඹුලකු විසින් කා දමමින් සිටින අයුරු  කසල අංගනයේ සේවකයින් දැක තිබේ.

පසුව මේ බව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී වේරැස් ගගේ මියගිය පුද්ගල මළ සිරුරක් කිඹුලකු විසින් කා දමමින් සිටින අයුරු දැක තිබේ.

එහෙත් මළ සිරුර ගොඩගැනීම සඳහා ප්‍රදේශ වාසීන් හා එක්ව උත්සාහ දැරුවද කිඹුලු ග්‍රහණය බාධාවක් නිසා වනජීවී නිලධාරීන් කැඳවා මළ සිරුර ගොඩ ගැනීමට පියවර ගෙන තිබුණි.